පූජිත් – හේමසිරි පාස්කු චෝදනාවලින් නිදහස්ද ? තීන්දුව අද

Date:

පාස්කු ඉරිදා ප්‍රහාරයක් එල්ල වන බවට නිශ්චිත බුද්ධි තොරතුරු ලැබී තිබියදී එම ප්‍රහාරය වළක්වා ගැනීමට අසමත් වීම සම්බන්ධයෙන් එල්ල වූ චෝදනාවලින් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා නිදහස් කරන්නේද යන්න පිළිබඳව තීන්දුව අද ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

ප්‍රහාරය වළක්වා ගැනීමට ක්‍රියාමාර්ග නොගැනීම හරහා සාපරාධී ලෙස රාජකාරි පැහැර හැරීම ඇතුළු චෝදනා ගණනාවක් යටතේ විත්තිකරුවන්ට එරෙහිව කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ මෙම නඩුව පවරා තිබෙනවා.

පසුගිය 19 වැනිදා මෙම නඩුවට අදාල සාක්ෂි විභාගය අවසන් කළ අතර ඉන් අනතුරුව විනිසුරු මඩුල්ල ප්‍රකාශ කළේ අදාල චෝදනාවලින් විත්තිකරුවන් නිදහස් කරන්නේද එසේ නැතහොත් විත්තිවාචකය කැඳවන්නේද යන්න පිළිබඳව අද දිනයේදී ප්‍රකාශයට පත් කරන බවයි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට විරෝධය පළකරමින් ඉසුරුපායේ විරෝධතාවක්! (PHOTOS)

කොළඹ LNW: නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලට විරෝධය පළකරමින් අද...

අපේ ආදර මතක : “නොසැලෙන්න කඳුළක් දෑසින්”

"අරූට තමයි යොහාන් අර්ජුන කියන්නේ. ඌ ගායකයෙක්." බණ්ඩාරවෙල ටවුමේ රස්තියාදුකාර...

LKNOG9 සමුළුව කොළඹදී සාර්ථකව පැවැත්වේ

නිශ්මං රණසිංහ අගෝස්තු 13, කොළඹ LNW: Lanka Network Operators Group හි...

නිකොදේමස් විජාජා ගේ විචිත්‍රවත් සහ මායාකාරී ආභාසය ලත් වීදි ඡායාරූප එකතුවක්!

සටහන – පුලී අගෝස්තු 13, කොළඹ (LNW): මායාකරණයට ලක් වූ...