පූජිත් – හේමසිරි පාස්කු චෝදනාවලින් නිදහස්ද ? තීන්දුව අද

පාස්කු ඉරිදා ප්‍රහාරයක් එල්ල වන බවට නිශ්චිත බුද්ධි තොරතුරු ලැබී තිබියදී එම ප්‍රහාරය වළක්වා ගැනීමට අසමත් වීම සම්බන්ධයෙන් එල්ල වූ චෝදනාවලින් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා නිදහස් කරන්නේද යන්න පිළිබඳව තීන්දුව අද ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

ප්‍රහාරය වළක්වා ගැනීමට ක්‍රියාමාර්ග නොගැනීම හරහා සාපරාධී ලෙස රාජකාරි පැහැර හැරීම ඇතුළු චෝදනා ගණනාවක් යටතේ විත්තිකරුවන්ට එරෙහිව කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ මෙම නඩුව පවරා තිබෙනවා.

පසුගිය 19 වැනිදා මෙම නඩුවට අදාල සාක්ෂි විභාගය අවසන් කළ අතර ඉන් අනතුරුව විනිසුරු මඩුල්ල ප්‍රකාශ කළේ අදාල චෝදනාවලින් විත්තිකරුවන් නිදහස් කරන්නේද එසේ නැතහොත් විත්තිවාචකය කැඳවන්නේද යන්න පිළිබඳව අද දිනයේදී ප්‍රකාශයට පත් කරන බවයි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බැංකොක්හි වීදි ජලය පිරුණු වැව් බවට පත්වේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 03: තායිලන්තයේ අගනුවර...

ලබන වසරේ IMF එකෙන් මිදිලා අපට ස්වාධීන ගමනක් හිමිවෙනවා. අපි ඉතාම ශක්තිමත් ආර්ථිකයක් හැදුවා – හිනිදුම සුනිල්

ලබන වසර වනවිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනින් මිදී ස්වාධීන...

ප්‍රබල අකුණු ගැන අවවාදාත්මක නිවේදනයක්!

කොළඹ LNW: වයඹ, මධ්‍යම, සබරගමුව, ඌව, බස්නාහිර, දකුණු සහ...

2027 අයවැයෙන් හෝ ප්‍රකාශන කර්මාන්තයේ වැට් බදු ගැන තීරණයක් ගන්න – විපක්ෂ නායකගෙන් ඉල්ලීමක්

කොළඹ LNW:2027 අයවැයෙන් හෝ ප්‍රකාශන කර්මාන්තය ඇතුළු සමස්ත ලක්ෂ...