අපේ අඩුපාඩු හොයන්නෙ උදේ නැගිට්ටම ඇඳේ රෙද්දවත් හදන්නෙ නැති අය – රෝහිත

Date:

රටේ කිසිදු ඉන්ධන හිගයක් නොමැති බවත්, කෙසේ නමුත් විපක්ෂය විසින් විටින් විට ඉන්ධන හිගයක් තිබෙන බවට අසත්‍ය පුවත් සමාජගත කරමින් ජනතාවට කලබලයට පත් කරන බවත් වරාය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පවසනවා. අවස්ථා ගණනාවකදී ඉන්ධන හිගයක් සම්බන්ධයෙන් විපක්ෂය බොරු ප්‍රචාර ගෙනගිය නමුත් කිසිදු අවස්ථාවක හිගයක් ඇති නොවන පරිදි ඉන්ධන ලබාදීමට ආණ්ඩුව සමත් වූ බවත් ඔහු වැඩිදුරටත් පවසනවා.

විපක්ෂයේ අසත්‍ය ප්‍රචාර හමුවේ ජනතාව සිය වාහන ෆුල් ටෑන්ක් කර ගැනීමට පෙළඹීම හේතුවෙන් එකවර විශාල ඉන්ධන ඉල්ලුමක් ඇති වූ බව පෙන්වා දෙන ඇමතිවරයා පවසන්නේ එවැනි අවස්ථාවල පැය කිහිපයකට ඉන්ධන හිගයක් ඇතිවන බවයි. එවැනි තාවකාලික හිගයක් හැර දින ගණන් ඉන්ධන නොමැති තත්වයක් වත්මන් ආණ්ඩුව යටතේ ඇති නොවූ බවද ඔහු පවසනවා.

ඕනෑම දෙයක අඩුපාඩු පෙන්වීම විවේචනය කිරීම වත්මන් විපක්ෂයේ එකම කාර්යභාරය වී ඇති බව පෙන්වා දෙන රෝහිත අබේගුණවර්ධන මහතා පවසන්නේ ඒ හැර සාධනීය කිසිවක් ඔවුන් සතුව නොමැති බවයි. යම් කාර්යයක් සිදු කරද්දී තවත් පිරිසක් විවේචන කරමින් නිකරුනේ බලා සිටින ලෝකයේ එකම රට ශ්‍රී ලංකාව බවද ඔහු පවසනවා.

රට හදන ආකාරය පිළිබඳව ආණ්ඩුවට උපදෙස් ලබාදෙන, විවේචනය කරන බොහෝ දෙනා අවම වශයෙන් උදෑසන අවදිවීමෙන් පසුව නිදාගත් ඇඳේ රෙද්ද හෝ පිළිවෙලකට නවා නොතබන පුද්ගලයන් බවත්, එවැනි පුද්ගලයන්ට ආණ්ඩුවේ සාර්ථක ගමනට බාධා සිදු කිරීමට නොහැකි බවත් ඇමතිවරයා වැඩිදුරටත් සඳහන් කරනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනේරුව හෙවත් අවසන හෝ ඇරඹුම

ළමැද්දට අත තියා හිත සොයනවැරැද්දට ස්නේහයම විසිකරනපුරුද්දට අත් අකුරු...

රනිල්ගේ නඩුව සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ බෙදීමක් ?

ලන්ඩන් සංචාරයකදී රජයේ මුදල් අවභාවිතා කළ බවට එල්ල වී...

කටුගම්පල සමූප ඡන්දයෙනුත් මාලිමාව පරදී. සජබ ප්‍රමුඛ විපක්ෂයට විශිෂ්ට ජයක්

සීමාසහිත කටුගම්පල විවිධ සේවා සමූපකාර සමිතියේ මහාසභාව සඳහා සභිකයින්...

වියපත් වුණත් ලස්සනට ඉන්න කවුද අකමැති…?

රෂිකා හෙන්නායක ජනවාරි 11, කොළඹ LNW : https://youtu.be/hu8inqOGAV4 65 හැවිරිදි වියේ...