ණය ප්‍රතිව්‍යුහගත කිරීම ගැන අලුත්ම ආරංචිය!

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): මුදල් අමාත්‍යංශය නිවේදනයක් ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර ඇත.

එම නිවේදනයෙන් දක්වා ඇත්තේ , ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් චීන එක්සිම් බැංකුව සහ ශ්‍රී ලංකාව එකඟතාවයකට එළැඹි බවයි.

එසේම, එම ණය ප්‍රතිව්‍යුහගත කිරීමට සඳහා ප්‍රධාන ප්‍රතිපත්ති සහ ප්‍රධාන කොන්දේසි සම්බන්ධයෙන් අදාළ එකඟතාවයට එළැඹි බවත් ,අදාළ එකඟතාවය යටතේ එම බැංකුවට ගෙවීමට ඇති ණය වලින් ඩොලර් බිලියන 4.2ක් පමණ ආවරණය වන බවත් මුදල් අමාත්‍යංශය නිවේදනයෙන් දන්වා සිටී.

මුදල් අමාත්‍යංශය තවදුරටත් පවසන්නේ, මෙමගින් ශ්‍රී ලංකාවේ දිගුකාලීන ණය තිරසාරත්වය ඇතිකර ගැනීමටත් ආර්ථිකය යථා තත්ත්වයට පත්කර ගැනීමටත් හැකිවන බවයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සෞදි මරණ දඬුවමෙන් සිවරාසා අනෝජන් බේරාගැනීමේ රාජ්‍ය මැදිහත්වීමක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 21, කොළඹ LNW : සෞදි අරාබියේදී මරණ...

ජපානයට ප්‍රබල ටයිෆූන් කුණාටුවක් – මිලියන 1.9කට අධික පිරිසකට ඉවත් වන ලෙස දැනුම් දෙයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 21: පැයට කිලෝමීටර් 130-...

ට්‍රම්ප් සමග වෙළඳ යුද්ධය අතරතුර කැනඩාව හා ප්‍රංශය අතර ආර්ථික හා ආරක්ෂක සබඳතා ප්‍රකාශයට පත් කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 21: ප්‍රංශ ජනාධිපති එමානුවෙල්...

අභියාචනාධිකරණයට වැඩබලන සභාපතිවරයෙක් පත්කරයි!

කොළඹ LNW:ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අභියාචනාධිකරණයේ වැඩබලන...