සහයට හමුදාවත් ආවා.හවස් වෙද්දී එක් මංතීරුවක් හරි විවෘත කරනවා – RDA අධ්‍යක්ෂ ජනරාල්

කොළඹ LNW:පින්නදූව සහ ඉමදුව අතර කොටසේසිදු වූ නායේ යෑම නිසා මේ වන විට දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගමනාගමන කටයුතු සම්පුර්ණයෙන් නතර කර තිබෙන නමුත් සවස් කාලය වන විට එක් මංතීරුවක් හෝ ගමනාගමන කටයුතු සඳහා විවෘත කිරීමට බලාපොරොත්තු වන බව මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් එල්.වී.එස්.වීරකෝන් මහතා පැවසුවේය.

ඊයේ පැවති වර්ෂාව මධ්‍යයේ වුවද පස් ඉවත් කිරීමේ කටයුතු ආරම්භ කළ බවයි වීරකෝන් මහතා සඳහන් කළේ.

එම කටයුතු සඳහා හමුදා සහයද ලැබී තිබෙන අතර ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ පරීක්ෂණයන්ට ද යටත් කර තිබෙන බවයි ඔහු පැවසුවේ.

ඒ අනුව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ නිර්දේශ මත සවස් කාලය වන විට එක් මංතීරුවක් හෝ විවෘත කිරීමට නියමිතයි.

අධිවේගී මාර්ගයේ ඇතැම් කොටස් නායේ යාමේ අවධානමක් පවතින බවද වීරකෝන් මහතා ප්‍රකාශ කරන ලදී.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජපානයට ප්‍රබල ටයිෆූන් කුණාටුවක් – මිලියන 1.9කට අධික පිරිසකට ඉවත් වන ලෙස දැනුම් දෙයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 21: පැයට කිලෝමීටර් 130-...

ට්‍රම්ප් සමග වෙළඳ යුද්ධය අතරතුර කැනඩාව හා ප්‍රංශය අතර ආර්ථික හා ආරක්ෂක සබඳතා ප්‍රකාශයට පත් කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 21: ප්‍රංශ ජනාධිපති එමානුවෙල්...

අභියාචනාධිකරණයට වැඩබලන සභාපතිවරයෙක් පත්කරයි!

කොළඹ LNW:ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අභියාචනාධිකරණයේ වැඩබලන...

අගෝස්තු මාසයේදී ජාතික උද්ධමනය 8% ඉක්මවා ඉහළට

ජාතික පාරිභෝගික මිල දර්ශකයට (NCPI) අනුව 2026 අගෝස්තු මාසයේ...