ක්‍රීඩකයන්ට විතරක් නෙමෙයි ප්‍රේක්ෂකයන්ටත් අයිති ක්‍රිකට් සහ රට

Date:

මෙවර ලෝක කුසලාන තරගාවලිය ඉන්දියාවේ පැවත්වීමේ වාසිය ඉහළින්ම ඔවුන් සතු කරගෙන ඇත.ඒ සම්බන්ධයෙන් විවිධ විවේචනද මතු වෙයි.ලෝක ක්‍රිකට් ඉන්දියන් ඒකාධිකාරය විසින් යටත් කරගෙන මෙහෙයවන බවට පවසන කතා ද එමටය.


කවුරුන් කෙසේ කීවත් කිසිවෙක්ට ඉන්දියානු ක්‍රිකට් ක්‍රීඩකයින් අසමත් බව හෝ අදක්ෂබව කියන්නට නොහැකිය.ඔවුන් ඒ තරමටම දක්ෂය.ක්‍රිකට් ලෝකයම කළඹමින් ජනප්‍රසාදය ඉහළින්ම දිනා ගෙන ඇති ක්‍රිකට් හරහා මෙම ක්‍රීඩකයින් ඉන්දියාවට අත් කර දෙන කීර්තිය සුළු නැත.නමුත් ක්‍රීඩාවකදි රටක් ලෙස ලෝකය දකින්නේ පිටියේ සිටින පිරිස පමණක් නොවේය.
මේ දර්ශන පෙළෙන් කියැවෙන්නේ එවැන්නකි.දහඩිය හලාගෙන රට වෙනුවෙන් ජයග්‍රහණ උපයා දුන් ක්‍රිඩකයින්ගේ වාසිය ලොව පුරා සැරිසරන මෙවැනි වීඩියෝවකින් සුන් වී යන්න ගත වන්නේ තත්පර කිහිපයක් පමණි.
ක්‍රිකට් පිටියේ දකින එකළොස් දෙනාගේ පමණක් නොවේය.රට අයිති කෝටි ප්‍රකෝටි ජනතාවගේ ද අයිතියකි.එම අයිතිය වගකීමෙන් භාවිතා කිරිම සෑඹ පුරවැසියෙකුගේම යුතුකමකි.පහතින් දැක්වෙන්නේ සුවිශේෂි සහ සුවිශාල ජයක් ලබමින් ඉන්දියාව විසින් ඇෆ්ගනිස්තානය පරාජය කළ පසු මොහොතේ ඉන්දියන් ප්‍රේක්ෂකයින් අතර එම ජයග්‍රහණයේ ගෞරවයට හානිවන අන්දමින් සිදු වූ ගැටුමක්ය.


සටහන – නිෂ්මං රණසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘ඉරානයේ උත්තරීතර නායකයාට සදාම් හුසේන්ට සමාන ඉරණමකට මුහුණ දීමට සිදුවනු ඇත’ – කැට්ස්

සටහන: සශිකලා මධුෂාණිජුනි 17; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ උත්තරීතර නායක...

“ග්‍රේටා තුන්බර්ග්” සහ ඇගේ සෙසු ක්‍රියාකාරීන් ජාත්‍යන්තර මුහුදේදී ඊශ්‍රායල බලධාරීන්ගේ පැහැරගැනීමකට නතු වූ බවට චෝදනා!

සටහන – පුලීජූනි 17, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඊශ්‍රායලයෙන් පිටුවහල් කිරීමෙන්...