Chris Luxon නවසීලන්තයේ අගමැති පුටුවට !

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): නවසීලන්ත මැතිවරණයෙන් ජාතික පක්ෂය ජයග්‍රහණය කර ඇත.

ඒ අනුව ජාතික පක්ෂයේ නායක Chris Luxon මහතා නවසීලන්තයේ නව අගමැතිවරයා ලෙස පත්වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

විපක්ෂයේ සිටි අනෙකුත් පක්ෂ සමග සන්ධානගත වීම නිසා ප්‍රමාණවත් ආසන සංඛ්‍යාවක් ලබාගැනීමට ජාතික පක්ෂයට හැකියාව ලැබුණු බව වාර්තා වන අතර, ජාතික පක්ෂය ආසන 51ක් දිනාගැනීමට සමත් වී ඇත. ඒ අනුව කම්කරු පක්ෂය ලබාගෙන තිබුණේ ආසන 33ක් පමණයි.

කම්කරු පක්ෂයේ වත්මන් අගමැති Chris Hipkins, පරාජය භාර ගනිමින් ජාතික පක්ෂයේ නායක සහ නව අගමැති Chris Luxonට දුරකථන ඇමතුමක් ලබාදී ඇත.

Jacinda Ardernගේ ඉල්ලා අස්වීමෙන් පසු අගමැති ලෙස වැඩ භාරගත් Chris Hipkins මහතා, ඔවුන්ගේ මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා සහය වූ ආධාරකරුවන්ට ස්තුතිය පළ කරමින් නිවේදනයක් නිකුත් කර ඇත.

විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ, Luxon මහතාගේ ප්‍රධාන මැතිවරණ ප්‍රචාරක පොරොන්දු අතරට මධ්‍ය ආදායම් ලබන්නන් සඳහා බදු අඩුකිරීම් සහ අපරාධ මර්දනය කිරීම ඇතුළත් වූ බවයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මහජන ආරක්ෂක අමාත්‍යංශයේ නිල වෙබ් අඩවියේ ගැටළුව ගැන CID විමර්ශන!

රෂිකා හෙන්නායක ජනවාරි 11, කොළඹ LNW : අවස්ථා කිහිපයකදී, මහජන...

ප්‍රවීණයන්ගේ සටන්වලදී බටර්ෆ්ලයි අයෝමිට ත්‍රිත්ව සූරතා නූලෙන් මඟ හැරෙයි

නිශ්මං රණසිංහ ජනවාරි 11, කොළඹ LNW: ප්‍රවීණයන්ගේ සංගමය විසින් මෙහෙයවන...

ඇමරිකාවේ මීළඟ ඉළක්කය ගැන ඔබ සත්‍යවශයෙන් දැන සිටියාද?

රෂිකා හෙන්නායක ජනවාරි 11 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකා එක්සත්...