වැස්සත් එක්ක 60% විදුලි උත්පාදනය ජල බලයෙන්!

Date:

කොළඹ LNW: පවතින අධික වර්ෂාව හේතුවෙන් මේ වන විට විදුලි උත්පාදනයෙන් 60%ක් නිපදවන්නේ ජලය මගින් බව ලංකා විදුලි බල මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ විදුලි ඉංජිනේරු සංගමය පවසයි.

එහි මාධ්‍ය ප්‍රකාශක නන්දික පතිරගේ මහතා සඳහන් කරන්නේ මේ වන විට ජලාශ කිහිපයක්ම පිරී පවතින බවයි.

ජලය මඟින් විදුලිය උත්පාදනය කිරීමේදී පිරිවැය අඩු බවද පතිරගේ මහතා කියාසිටියි.

”මේ වන විට ජලාශ කීපයක්ම උතුරා ගොස් තිබෙනවා. කොත්මලේ ජලාශය උතුරා යාමට තව සුළු අඩි ප්‍රමාණයයි තිබෙන්නේ. මෙම වැසි තත්ත්වය ඇත්තටම අපට වාසියක්. හේතුව ජලය මගින් විදුලිය ජනනය කිරීමෙන් විදුලිය උත්පාදනය සඳහා වැයවන වියදම අඩුයි. අපි බලාපොරොත්තු වෙනවා තව දවස් කීපයක් මෙම තත්ත්වය තිබෙන බවට. දැනටමත් විදුලි උත්පාදනය කිරීමේදී 60% ජලය මගින් උත්පාදනය වෙනවා. පසුගිය මාස කීපය තුළ වැසි තත්ත්වය නැති නිසා අපිට පාඩු සිද්ධ වුණා. නමුත් මෙම මාසය තුළ වැසි තත්ත්වය නිසා අපට එම පාඩුව යම් ප්‍රමාණයක් සමනය කළ හැකියි.”

විදුලි බිල සංශෝධනය සඳහා ඉදිරිපත් කර තිබෙන යෝජනාව ගැනද ඔහු අදහස් දක්වා සිටියි.

”විදුලි බිල යළිත් සංශෝධනය කිරීමේ දී අපිට නිසි ලෙස කියා නෑ සියයට කීයක් වැඩි කළ යුතුද කියා. නමුත් මෙම වැඩි කරන ප්‍රමාණය ලබන අවුරුද්දේ පෙබරවාරි මාර්තු දක්වා ක්‍රියාත්මක වෙනවා. ඒ කියන්නේ ලබන අවුරුද්දේ මුල් කාලයේ දී වැසි තත්ත්වය අඩු වුණත් විදුලි බිල එලෙසම ක්‍රියාත්මක වෙනවා. මේ අවුරුද්ද තුළ තුන් වන වතාවටයි එම විදුලිබිල සංශෝධනය කරන්නේ.” යනුවෙන් පතිරගේ මහතා වැඩිදුරටත් පවසයි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නිසරු දෙමාපියන් වෙනුවෙන් දරු ප්‍රසූතියට රොබෝවරයකු සූදානම්? තාක්ෂණය ගිය දුරක්!

නිසරු දෙමාපියන් වෙනුවෙන් දරු ප්‍රසූතියට රොබෝවරයකු සූදානම්? තාක්ෂණය ගිය දුරක්!

සුපර්මෑන් දුෂ්ටයා Terence Stamp දිවිගමනින් බැස යයි!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): සුපර්මෑන් දුෂ්ටයා ලෙස...

2025 වසරේ කාර්මික ක්ෂේත්‍රයේ රැකියා සදහා යොමු වීම ඉහළට: ශ්‍රී ලංකා මහ බැංකුව

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: 2025 වසරේ පළමු කාර්තුව...

තකිකෝ යොෂිඩා මැතිණියගේ 117 වන ජන්ම දින සමරුවට පින්කම් රැසක්!

කොළඹ LNW:ජපානයේ පවතින ඉතාමත් නිවැරදි හා දියුණු පෙර පාසල්...