රාජ්‍යයන් දෙකම සාකච්ඡා මේසයට පැමිණිය යුතුයි – විපක්ෂ නායක සජිත්

Date:

කොළඹ (LNW): පලස්තීනය සහ ඊශ්‍රාලය අතර සිදුව තිබෙන බරපතල සංහාරය තුළ ත්‍රස්තවාදී සංවිධාන තුළින් මෙන්ම රාජ්‍ය ත්‍රස්තවාදය තුළින්ද මිනිස් ඝාතන සිදුවන බවත් මේ තත්ත්වය තුළ සිකුරාදා දිනයේ මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ සාකච්ඡා කළ යුතු බවත් විපක්ෂ නායකවරයා කියා සිටියේය.

මේ සංහාරය තුළ දරුවන් මව්වරුවන් කාන්තාවන් සිවිල් පුරවැසියන් ගේ ජීවිතවලට විශාල බලපෑමක් සිදුව ඇති නිසා මේ මොහොතේ හෝ මිනිස් සංහාරය නවතා සාම සාකච්ඡාවලට එළැඹෙන ලෙස ඉල්ලා සිටින බවත් ,ඔස්ලෝ සම්මුතිය ආදී සම්මුතීන් තුළ විවිධ අන්තවාදී මතවල සිටි දේශපාලන නායකයෝ පවා සාකච්ඡා සිදු කළ බවත්, එබැවින් මෙම රාජ්‍යයන් දෙකම සාකච්ඡා මේසයට පැමිණ ස්ථිරසාර සාමයක් කරා යායුතු බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පවසා සිටියේය.

එසේම පලස්තීන රාජ්‍යයේ අයිතිය තහවුරු කළ යුතු බවත් මෙම රාජ්‍යයන් දෙක සාමකාමීව අන්‍යෝන්‍ය අවබෝධයෙන් ජීවත් විය යුතු බවත් , අපේ රටේ ජනතාව පවා ඒ රටවල සිටින බැවින් මේ සම්බන්ධයෙන් නිහඩව සිටිය නොහැකි බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තවදුරටත් කියා සිටියේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද (17) පාර්ලිමේන්තුවේ දී පලස්තීන හා ඊශ්‍රායල ගැටුම සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනි.

රෂිකා හෙන්නායක

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දිල්රංගගේ රංගයට තිරය වසන්න එපා!

නිශ්මං රණසිංහ ජනවාරි 10, කොළඹ LNW: මීටර් 200 ධාවන පථයක...

ඇරඹූ ප්‍රතිසංස්කරණ කටයුතු සියල්ල අවසන් අදියරේ!

රෂිකා හෙන්නායක ජනවාරි 10, කොළඹ LNW : ආපදාවෙන් රට තුළ...

හිම වැටෙන රාත්‍රියක රෝස අහසක්! Real-Life Stranger Things Moment

සටහන – පුලී ජනවාරි 10, කොළඹ (LNW): ඉකුත් බ්‍රහස්පතින්දා රාත්‍රියේ බටහිර...

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඕනේ. හැබැයි පිටරටින් කොපි කරපුවා එපා – නාමල්

කොළඹ LNW:නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ හඳුන්වා දී ඇති 6...