ගාසා තීරයේ තුවාල ලැබූ 11,000කට අධික පිරිසකට උපකාර කිරීමට අවශ්‍යයි – WHO

Date:

හමාස් මාරාන්තික ප්‍රහාරවලින් පසු ඊශ්‍රායලයේ ප්‍රතිප්‍රහාර හේතුවෙන් මේ වන විට පලස්තීනුවන් 2,800 ක් පමණ මියගොස් ඇති අතර තුවාල ලැබුවන්ගේ සංඛ්‍යාව 11,000 දක්වා ඉහල ගොස් තිබේ. ඔවුන්ට ආධාර සහ වෛද්‍ය සැපයුම් ලබා දීම සඳහා ගාසා තීරයට හදිසි ප්‍රවේශයක් අවශ්‍ය වන බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) ප්‍රකාශ කර තිබේ.

තුවාල ලැබූවන් අතර ළමුන් 1,000පමණ ඇති බවට ගණන් බලා ඇති අතර ඉතිරි බොහෝ දෙනා කාන්තාවන් වේ. එක්සත් රාජධානියේ පලස්තීන දූත මණ්ඩල ප්‍රධානී හුසම් සොම්ලොට් මාධ්‍ය හමුවකදී අනතුරු අඟවා තිබුණේ, සුන්බුන් යට සිරවී සිටින සියලු දෙනා වෙත ගලවා ගැනීමේ කණ්ඩායම් මෙතෙක් ළඟා වී නොමැති බවත් සැබෑ සංඛ්‍යාව බොහෝ ඉහළ යා හැකි බවත්ය.

ගාසා තිරයේ සෞඛ්‍ය සේවා පහසුකම්වලට බරපතල හානි සිදුව ඇති අතර ජලය සහ විදුලිය නොමැතිව රෝහල් බහුතරයක් ක්‍රියාත්මක නොවන බව නිලධාරීන් ප්‍රකාශ කර තිබේ.

ජලය සහ සනීපාරක්ෂක සේවා බිඳවැටීම හේතුවෙන් විජලනය සහ ජලයෙන් බෝවන රෝග පිළිබඳ අවධානම ඉහල ගොස් ඇති අතර පවතින තත්වය පිළිබඳව නිවේදනයක් නිකුත් කරමින් එක්සත් ජාතීන්ගේ පලස්තීන සරණාගත ඒජන්සිය UNRWA ප්‍රකාශ කර තිබුණේ, වතුර නැතිව මිනිස්සු මැරෙන්නට පටන් ගන්නා බවයි.

සටහන – සශිකලා මධුෂාණි

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රෝහල් පද්ධතිය තුළ අත්‍යවශ්‍ය ඖෂධ 180ක හිඟයක් – GMOA

සටහන: සශිකලා මධුෂාණි මේවන විට රෝහල් පද්ධතිය තුළ ඖෂධ...

පෙරළිකාර පානදුර සහ සීසීසි විස්සයි විස්ස අවසාන සටනට

නිශ්මං රණසිංහ ජුනි 14, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය...

‘ටෙහෙරානය ගිනි ගනීවී’

සටහන: සශිකලා මධුෂාණිජුනි 14; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඊශ්‍රායල සිවිල් වැසියන්ට...

හිටපු ඇමති දයාගේ කෝටි ගණනක දේපළ වෙන්දේසි කෙරේ !

එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයකු වූ හිටපු අමාත්‍ය දයා ගමගේට...