රනිත්මා සහ ආශිංෂන ජාත්‍යන්තර බැඩිමින්ටන් පිටියේ හරඹ කරන දවසක්

අද දවසේ ජාත්‍යන්තර බැඩ්මින්ටන් පිටියේ ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයෙක් සහ ක්‍රීඩිකාවක් ජාත්‍යන්තර මට්ටමේ බැඩිම්න්ටන් පිටියේ තරග වදින්නට නියමිතව සිටිනවා.ඒ අතරින් රනිත්මා ලියනගේ සිඩ්නි විවෘත ජාත්‍යන්තර බැඩ්මින්ටන් සූරතාවලියේදී අවසන් 32 අතර සටන් වදිනවා.අද දවසේ ඇයගේ ප්‍රතිවාදියා වන්නේ ඕසට්‍රේලියානු ක්‍රීඩිකා පිචායා එලිෂියා යි.

අද ක්‍රියාත්මක වන අබුඩාබි වීවෘත ජාත්‍යන්තර බැඩ්මින්ටන් සූරතාවලියේ පිරිමි අංශයේ අවසන් 64 දෙනාගේ වටයේදී අද ශ්‍රී ලංකාවේ ආශිංසන හේරත් තරග වදින්නට නියමිතයි.අද ඔහුගේ ප්‍රතිවාදියා වන්නේ ජර්මණිය නියෝජනය කරන කායි ෂේෆර් වන අතර මීට පෙර ආශිංසන මෙම අවස්ථාව උදා කරගෙන ඇත්තේ,මීට පෙර තරග දෙකක් සුදුසුකම් ලැබීමේ වටයේදී ජයග්‍රහණය කිරීමෙන් අනතුරුවයි.

එම සුදුසුකම් ලැබීමේ වටයේ ප්‍රථම තරගයේදී ආශිංසන අතින් පරාජයට පත්වන එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මොහොමඩ් සලීම් අල්මරාසෝ සමඟතරගයේ ලකුණු තත්ත්වය 21 – 6 ක් සහ 21 – 7 ක් ලෙස සඳහන් වුණා.දෙවන තරගයේදී ආශිංසනගේ ප්‍රතිවාදියා වූ රාම්නිශ් කුමාර් ලකුණු 17 – 21,21 -18 සහ 21 0 19 ක් ලෙස තරග වට 2-1 න් පරාජය කරන්නට ආශිංෂනට හැකි වෙනවා.

සටහන – නිෂ්මං රණසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පුද්ගල නිදහස හකුළන රාජ්‍ය ත්‍රස්තවාදය අපට එපා – කොළඹදී උද්ඝෝෂණ! (PHOTOS)

කොළඹ LNW:තවදුරටත් රාජ්‍ය මර්දන නීති අවශ්‍ය නොවන බවට බල...

‘හරක් කටා’ වෛද්‍ය ප්‍රතිකාර සඳහා අධිකරණ නියෝගයක් ඉල්ලයි

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 29, කොළඹ LNW : අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ...

ශ්‍රී ලාංකේය සිනමාවේ අමරණීය තාරකාව රුක්මණී දේවී

සටහන : සශිකලා මධුෂාණී ශ්‍රී ලංකාවේ පළමු කතානාද සිනමා නිර්මාණයේ...

හෝමාගම අපරාධ අංශයේ ස්ථානාධිපති රිමාන්ඩ්!

කොළඹ LNW:පොලිස් අත්අඩංගුවේ සිටියදී 29 හැවිරිදි තරුණයෙකු මියයාමේ සිද්ධිය...