කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ භූගත නඩු භාණ්ඩ ගබඩාව දෙවැනි වරටත් හොරු කඩලා !

Date:

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ භූගත නඩු භාණ්ඩ ගබඩාවට නැවත වතාවක් පෙරේදා (16) රාත්‍රියේ සොරුන් ඇතුළු වී ඇති බව වාර්තා වේ.

එහි දොරට පිටතින් සහ ඇතුළතින් දමා තිබුණු ඉබි අගුල් 4ම කඩා දමා දොර විවෘත කර ඇති බවයි අධිකරණ නිලධාරියකු සඳහන් කළේ.

මෙම භූගත නඩු භාණ්ඩ ගබඩාව සොරුන් කඩා ඇති බවට පසුගිය 06 වනදා ද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ ප්‍රධාන රෙජිට්‍රාර්වරයා විසින් කෙසෙල්වත්ත පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණු අතර පොලිසිය ඒ සම්බන්ධයෙන් විමර්ශනය කර අධිකරණයට ද කරුණු දැනුම් දී තිබිණි.

ඒ අනුව පෙරේදා දිනයේදී සොරුන් මෙම නඩු භාණ්ඩ ගබඩාව කඩා ඇත්තේ දෙවැනි වරටය.

මෙම ගබඩාවේ ඉතා පැරණි නඩු ලේඛන, පොත්පත්, රත්‍රන් භාණ්ඩ, ගිනිඅවි ඇතුළු නඩුවලට අදාළ නඩු භාණ්ඩ රැසක් තිබී ඇති අතර ඒවා නිශ්චිතව ලේඛනගත කර නොමැති බවත් අධිකරණ නිලධාරීන් පවසා තිබේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොළඹ වරායේ බහාලුම් 323ක අබිරහස: අමාත්‍යවරයෙකුගේ ඉල්ලා අස්වීම පිටුපස ඇති කතාව

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : ශ්‍රී ලංකා ආර්ථිකයේ...

තලංගමදී වෙඩිතැබීමක්: දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : තලංගම අකුරේගොඩ ප්‍රදේශයේ...

ජීවිතය දෙස බළල් සුරතලුන්ගේ ඇසින්: Alia Bhatt අපට කියාදෙන පාඩම්…

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

අරගලය ගැන හොයන්න නාමල්ගෙන් කොමිසමක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සිය පාලනයක් යටතේ අරගලය සම්බන්ධයෙන් හා ඊට...