පුත්තලමේ ATM හොරු පොලිස් දැලේ !

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): පසුගිය ඔක්තෝබර් 08 වනදා පුත්තලම මදුරන්කුලිය 10 කණුව ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික බැංකුවකට අයත් ATM යන්ත්‍රයකින් රු 10,549,000ක මුදලක් සොරකම් කළ පුවතක් වාර්තා විය.

මෙම සිදුවීම පිළිබඳව මදුරන්කුලිය පොලිසිය හා පුත්තලම කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විමර්ශන ආරම්භ කර තිබූ අතර, එම සොරකමට අදාළ සැකකරුවන් තිදෙනෙකු මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇත.

ඒ සම්භන්ධව සිදු කළ විමර්ශනවලට අදාළව ඊයේ (17) උදෑසන අනුරාධපුර පොලිස් වසමේ දී පුත්තලම කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින්ම් සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති අතර, සැකකරුවන්ගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලට අනුව ඔවුන් ළඟ තිබී සොරකම් කරන ලද රු 9,277,000ක මුදලක් පොලිසිය විසින් සොයාගෙන ඇත.

එම සැකකරුවන් අවුරුදු 28, 32 හා 35 යන වයස්වල පසුවන ගල්ගමුව, වැරැල්ලගම හා අනුරාධපුර ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලිසිය පවසයි.

ඉන් සැකකරුවන් දෙදෙනෙකු ATM යන්ත්‍රවලට මුදල් තැන්පත් කිරීමට හා රැගෙන ඒම සඳහා යන පෞද්ගලික ආරක්ෂක අංශ සේවකයින් දෙදෙනෙකු වන අතර එක් අයෙක් මෝටර් රථ විදුලි කාර්මික ශිල්පියෙක් වන බව සඳහන් වේ.

සැකකරුවන් විසින් අපරාධය සිදුකිරීම සඳහා භාවිත කළ ඇඳුම්, ආරක්ෂිත හිස්වැසුමක්, ආරක්ෂිත කැමරාවට තින්ත ඉසින ලද ස්ප්‍රේ ටින් එකක් ද නිලධාරීන් විසින් සොයාගෙන ඇති අතර , සැකකරුවන් හා නඩු භාණ්ඩ වැඩිදුර විමර්ශන සඳහා මදුරන්කුලිය පොලිසියට භාර දී ඇති බවයි පොලිසිය දන්වා සිටී.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වසර 66කට පසු වැසෙන iconic NASA research center ..

රෂිකා හෙන්නායක ජනවාරි 02 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඩොනල්ඩ් ට්‍රම්ප්...

CEB 11 % ඉක්මවූ ගාස්තු වැඩිකිරීමක් ඉල්ලයි!

කොළඹ LNW:ලංකා විදුලි බල මණ්ඩලය මහජන උපයෝගිතා කොමිසමෙන් විදුලි...

බන්ධනාගාර මූලස්ථානයේ විශේෂ සාකච්ඡාවක්!

රෂිකා හෙන්නායක ජනවාරි 02, කොළඹ LNW : අද (02) දින...

ආණ්ඩුව තමන්ගේම වළ තමා විසින්ම කපාගනිමින් ඉන්නවා – නාමල්

කොළඹ LNW:ආණ්ඩුව තමන්ගේම වල තමන් විසින්ම කපා ගනිමින් සිටින...