ඇමති බන්දුල සම්බන්ධ පුවතක් නිසා වරප්‍රසාද කමිටුවට කැඳවන මාධ්‍යවේදීන් වෙනුවෙන් සජිත් යළි හඬ නඟයි

Date:

නෙත් එෆ්. එම්. රේඩියෝවේ හේමන්ත කහවලගේ, පවිත්‍රා මධුහර්ෂණී, සචිත් රවීෂ හා ස්වප්නා කාවින්දි යන මාධ්‍යවේදීන් වරප්‍රසාද කමිටුව හමුවට කැඳවීම වැරදි පුර්වාදර්ශයක් බැවින් මෙය වහා නවත්වන ලෙස ඉල්ලා සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ (18) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

බන්දුල ගුණවර්ධන ඇමතිවරයා සම්බන්ධ ප්‍රවෘත්තියක් සම්බන්ධ සිදුවීමකට මෙසේ මාධ්‍යවේදීන් වරප්‍රසාද කමිටුව හමුවට ගෙන ඒම අනුමත කළ නොහැකි බවත් නිදහස් නිවහල් ස්වාධින මාධ්‍යයක් වෙනුවෙන් සමගි ජන බලවේගය සෑම විටම පෙනී සිටින බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ සමහර මන්ත්‍රීවරු විපක්ෂයේ සිටින අවස්ථාවේ නිදහස් නිවහල් මාධ්‍යයක් වෙනුවෙන් බොරුවට පෙනී සිටියත් ආණ්ඩුවට පැමිණි පසු සිය ස්ථාවරය වෙනස් කරන බවත් ය.

මේ අවස්ථාවේ අප සියලු දෙනාම නිදහස් නිවහල් මාධ්‍ය ආරක්ෂා කිරීමට එකතු විය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කළේය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නීතියේ ආධිපත්‍යය වෙඩි උණ්ඩ හමුවේ බිඳ වැටෙනවද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : අකුරේගොඩදී සිදුවූ ද්විත්ව...

යුරෝපය සටන් කිරීමට සූදානම් විය යුතු බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මියුනිච් ආරක්ෂක සමුළුවේදී කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපය තම ජනතාව,...

විදුලි බලෙන් යළි ගාස්තු වැඩි කිරීමක් ඉල්ලයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:මෙම වසරේ දෙවන කාර්තුවට අදාළ විදුලි ගාස්තු...