UNICEF සහ ජාතික ජන බලවේගය අතර හමුවක්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල (UNICEF) සහ ජාතික ජන බලවේගය අතර හමුවක් අද (20) දින පෙරවරුවේ ජවිපෙ ප්‍රධාන කාර්යාලයේදී පැවැත්විණි.

මෙම අවස්ථාව සඳහා UNICEF සංවිධානය වෙනුවෙන් ශ්‍රී ලංකා නියෝජිත ක්‍රිස්ටියන් ස්කූග් (Christian Skoog) සහ දකුණු ආසියානු කලාප අධ්‍යක්ෂ සංජය වීරසේකර යන මහත්වරුද ජාතික ජනබලවේගය වෙනුවෙන් නායක අනුර කුමාර දිසානායක, ලේකම් විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ සහ ජාතික විධායක සභික නීතිඥ හර්ෂණ නානායක්කාර යන සහෝදරවරුද සහභාගි වූහ.

මෙහිදී ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය හේතුවෙන් ළමුන්ට මුහුණපෑමට සිදු වී ඇති ගැටලුකාරී තත්වයන් සහ ඔවුන්ගේ පෝෂණ මට්ටම්වල ගැටලු පිළිබඳව දෙපාර්ශ්වය අතර දීර්ඝව සාකච්ඡාවට බඳුන් විය.

එමෙන්ම UNICEF සංවිධානය විසින් මෙරට දරුවන් වෙනුවෙන් ගනු ලැබූ ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් එම සංවිධානය විසින් පැහැදිලි කරනු ලැබීය. මෙහිදී ශ්‍රී ලංකාවේ ළමුන් සහ කාන්තාවන් වෙනුවෙන් ඉටු කරනු ලබන කාර්යභාරය වෙනුවෙන් ජාතික ජන බලවේගය විසින් UNICEF සංවිධානයට ස්තූතිය පළකරන ලදී.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බ්‍රිතාන්‍ය අගමැති ස්ටාමා සමාව අයැදියි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 05, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් රාජධානියේ අග්‍රාමාත්‍ය...

 සටන් විරාමයෙන් පසු ඊශ්‍රායලය විසින් ලෙබනනයට එල්ල කරන ගුවන් ප්‍රහාරවල දැවැන්ත වර්ධනයක් !

රෂිකා හෙන්නායක පෙබරවාරි 05, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): නොවැම්බර් මාසයේ ඇති...

ගනේමුල්ල සංජීව ඝාතන සිද්ධියේ තවත් කරුණු රැසක් හෙළි වෙයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 05, කොළඹ LNW : ගනේමුල්ල සංජීව ඝාතන...

දරුණු ගංවතුර තත්ත්වය මැද හිස ඔසවන්න වෙර දරණ මොසැම්බික් රාජ්‍යය!

රෂිකා හෙන්නායක පෙබරවාරි 05, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මොසැම්බික් රාජ්‍යය තුළ...