හමාස් ප්‍රාණ ඇපකරුවන් දෙදෙනෙකු  නිදහස්

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): හමාස් සංවිධානය විසින් ඔක්තෝම්බර් 07 වැනි දින පැහැරගෙන ගිය  200 දෙනෙකු ගෙන් ඇමරිකානු ප්‍රාණ ඇපකරුවන් දෙදෙනෙකු  වන ඇමරිකානු  මවක් සහ ඇගේ දියණිය මෙලෙස නිදහස් කර  ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

ගාසා තීරයට සමීප ඊශ්‍රායලයේ තම හිතවතුන් පිරිසක ගේ සුවදුක් බැලීමට පැමිණ සිට අවස්ථාවේ සිදු වූ හමාස් මෙහෙයුමේ දී මොවුන් පැහැර ගැනීමට ලක් ව තිබිණු අතර ප්‍රාණ ඇපකරුවන් නිදහස් කළේ කෙසේ ද සහ කවදා ද යන්න ඉස්ලාමීය කණ්ඩායම ප්‍රකාශ කර නොමැති බව සඳහන් වේ.

හමාස් සංවිධානය මඟින් පැහැරගත් බොහෝ දෙනා තවමත් ජීවතුන් අතර සිටින බව ඊශ්‍රායල හමුදාව ප්‍රකාශ කර ඇති අතර.ප්‍රාණ ඇපකරුවන් 20කට වැඩි පිරිසක් බාලවයස්කරුවන් වන අතර, අවුරුදු 60ට වැඩි අය ද සිටින බව වාර්තා  වේ.

විදෙස් වාර්තා සඳහන් කරන්නේ, ඔක්තෝබර් 07 වැනිදා ආරම්භ වූ පලස්තීන හා ඊශ්‍රායල ගැටුම්වලින් පුද්ගලයන් 5,500කට අධික පිරිසක් මියගොස් ඇති බවයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කැනඩා අගමැති මාර්ක් කාර්නි ට්‍රම්ප්ගෙන් පෞද්ගලිකව සමාව අයදී

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 01: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ඔන්ටාරියෝ අගමැති...

ඔක්තෝබර් මාසයේ කොළඹ පාරිභෝගික මිල දර්ශකයේ ධන අගයක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 01, කොළඹ LNW : ඔක්තෝබර් මාසයේ CCPI...

ටැන්සානියාවට ඇඳිරි නීතිය: අන්තර්ජාල සබඳතාද අවහිර කරයි.

රෂිකා හෙන්නායක 20, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): දින 3ක් පුරා...

අලුත් නියෝජ්‍ය ඇමතිලත් පාර්ලිමේන්තු ඉන්ධන දීමනාව එපා කියයි!

කොළඹ LNW:මෑතකදී පත් කෙරුණු නියෝජ්‍ය අමාත්‍යවරුන් හය දෙනාද පාර්ලිමේන්තු...