මහියංගණයේදී වෙඩි වැදුණු ඇතින්නගේ පෙණහළු ආශ්‍රිතව උණ්ඩ ඇති බවට සැකයක්.

Date:

සටහන –නදීක දයා බණ්ඩාර

මහනුවර (LNW): මහියංගණයේදී වන ජීවි නිලධාරීන්ගේ වෙඩි ප්‍රහාරයකට ලක්වූ සීතා ඇතින්නගේ පෙණහළු හෝ උදරය ආශ්‍රිතව තවත් ජීව උණ්ඩ තිබිය හැකි යැයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය මහාචාර්ය අශෝක දංගොල්ල මහතා පවසයි.

නමුත් එවැනි තත්ත්වයක් ස්කෑන් කොට නිරීක්ෂණය කිරීමට හැකි පහසුකම් මෙරට නොමැතිවීම කණගාටුවක් යැයි ද මහචාර්යවරයා කීවේය.

වෙඩි වැදී දින 20ක් ගතවූ පසු මහනුවර රණවණ සිට මහරගම නිස නිවස කරා ඇතින්න ගෙන යාම ඊයේ (19) සිදුවිය. ඇතින්න ගෙනයාමට පෙර ඇය පරීක්ෂා කිරීමෙන් පසු මහාචාර්යවරයා මාධ්‍ය හමුවේ මේ බව ප්‍රකාශ කළේය.

ඇතින්ගේ දෙවන ශෛල්‍ය කර්මය ද මේ වන සිදු කොට අවසන්. රබර් උණ්ඩ යොදා වෙඩි තැබූ බව වන ජීවි නිලධාරීන් ප්‍රකාශ කොට තිබුණත් ඇතින්නගේ උදරයේ කළ ශෛල්‍යකර්මයේ දී ජීව උණ්ඩයක් තිබී එය ශරීරයෙන් ඉවත් කළා. තවත් උණ්ඩ හෝ ඊයම් කැබලි ඇතැයි විශ්වාස කරන්න පුළුවන්. නමුත් එය පරීක්ෂා කිරීමට හැකි තාක්ෂණික උපකරණ මෙරට නැහැ.

නිර්වින්දනය කොට දෙවන ශෛල්‍ය කර්මය කරන අවස්ථාවේදී සත්වයාගේ හුස්ම ගැනීමේ වේගය අඩුවූ නිසා යළි සිහිය ලබාදී ශෛල්‍ය කර්මය අවසන් කළා. එවැනි තත්ත්වයක් යටතේ සත්වයාගේ ජීවිත ආරක්ෂාව පිළිබදව විමසිලිමත් විය යුතුයි.

මේ වන විට දින 20ක් තිස්සේ ඇතින්න නිදාගෙන නැහැ. එය ඇයට හානි දායකයි. ඒ වගේම තවමත් ඇතින්න දැඩි බියකින් පසුවෙනවා. එයට ඇයට අහිතකර ලෙස බලපානන් පුළුවන්. අපි නිරත්තරයෙන් සත්වයා පරීක්ෂා කොට වෛද්‍ය ප්‍රතිකාර ලබා දෙන බව මහාචාර්ය අශෝක දංගොල්ල මහතා වැඩිදුරටත් කීවේය.

මෙම අවස්ථාවේදී අදහස් පළකළ හීලෑ අලි ඇතුන් හිමියන්ගේ සංගමයේ ලේකම් දම්සිරි කරුණාරත්න කියා සිටියේ වෙඩි වැදුණු හීලෑ අලියකුට ප්‍රතිකාර කරන ප්‍රථම අවස්ථාව මෙය බවය. මෙවන් අත්දැකීමක් මීට පෙර කිසිදු අලි ඇතුන් හිමියෙකුට නොමැති බවත් මේ වන විට ඇතින්නගේ ශරීර සෞඛ්‍ය තත්ත්වය පිරිහෙමින් පවතින බවත් කීවේය.

වෛද්‍ය උපදෙස් මත ඇය වාසය කළ නිත්‍ය ගාල වෙත ප්‍රවාහනය කිරීම සිදු වූ බව කී ඒ මහතා එහිදී ඇතින්න යම් තරමකට සාමාන්‍ය ආකාරයෙන් හැසිරිය යැයි බලාපොරොත්තු වන බව කීවේය.

කෙසේ වුවද වනජීවීන් ආරක්ෂා කිරීම සඳහා ස්ථාපිත කොට ඇති ආයතනයකින් මෙවැනි වෙඩි තැබීමක් කිසිසේත්ම බලාපොරොත්තු විය නොහැකි බවත් හීලෑ අලි ඇතුන්ට පවා මේ ආකාරයෙන් ක්‍රියා කරන මෙම නිලධාරීන් වන සතුන්ට කුමන ආකාරයෙන් කටයුතු කරන්නේදැයි යන ගැටලුව මේ අවස්ථාවේ පැන නගින බවත් හීලෑ අලි ඇතුන් හිමියන්ගේ සංගමයේ ලේකම් දම්සිරි කරුණාරත්න වැඩිදුරටත් කීය.

පෙරහැරට සහභාගීවීම සඳහා මහරගම සිට මහියංගණයට ගෙන ආ මෙම ඇතින්න වන ජීවි නිලධාරීන්ගේ වෙඩි ප්‍රහාරකට ලක්වූ අතර පසුව ඇය වැඩිදුර ප්‍රතිකාර සඳහා පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පශු වෛද්‍ය පීඨයට ආසන්න මහනුවර රණවණ ප්‍රදේශයට ගෙන ඒම සිදුවිය.

පශු වෛද්‍ය පීඨයේ වෛද්‍ය ප්‍රතිකාර සහ සාම්ප්‍රදායික අලි ඇත් වෙදුන්ගේ ප්‍රතිකාර ලැබූ ඇතින්න මේ වන විට ඇයගේ හිමිකරු වන එස්.එම්.රොෂාන් මහතාගේ නිවසේ ගාල වෙත රැගෙන ගොස් තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කතෝලික රදගුරු සම්මේලනය ජනපති අනුර හමුවෙයි!

රෂිකා හෙන්නායක අගෝස්තු 21 කොළඹ LNW : කොළඹ අගරදගුරු අතිඋතුම්...

ඩයනාට වරෙන්තු!

රෂිකා හෙන්නායක අගෝස්තු 21 කොළඹ LNW : ආගමන හා විගමන...

නෝනලාට ජිබ්‍රෝල්ටාර් යන්න කණ්ඩායමක් අටවාගැනීමේ සූදානමක්

සටහන – නිශ්මං රණසිංහ  අගෝස්තු 21, කොළඹ LNW: ක්‍රීඩා සංවර්ධන...

ලොවක් ආදරය කළ විනිසුරු ෆ්‍රෑන්ක් කැප්‍රියෝ සිය අවසන් හුස්ම හෙළයි!

සටහන – පුලී අගෝස්තු 21, කොළඹ (LNW): අග්න්‍යාශ පිළිකාවක් සමඟ දිගුකාලීනව...