ඊශ්‍රායලයේදී මියගිය අනුලාගේ දේහය හඳුනාගැනේ!

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): පසුගිය දා ඊශ්‍රායලයේ ගැටුම් අතරතුර මියගිය අනුලා ජයතිලකගේ දේහය ඥාතීන් විසින් හඳුනාගත් බව, ඊශ්‍රාලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා සඳහන් කළේය. ඊශ්‍රායලයේ Petah Tikva හිදී ඇයගේ දේහය හඳුනාගත් බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

ඒ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ ඊශ්‍රාලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා,

මම පෞද්ගලිකවම එම ස්ථානයට ගියා. ඇයගේ සිරුරේ හඳුනාගත හැකි කොටස් පරීක්ෂා කර බැලුවා. ඒ අනුව ඇයගේ වැඩිමහල් පුත්‍රයා සනාථ කළා ඒ මවගේ සිරුර බවත් ලිඛිත සටහනක් තනාපති කාර්යාලයට ලබාදෙන බවත්

ඒ අනුව අපි උත්සාහ කරනවා හෙට දිනයේ පෙරවරුවේ ඊශ්‍රායල් විහාරස්ථානයේදී ඇයගේ දේහය සම්බන්ධයෙන් ආගමික වතාවත් සිදුකරන්න

ඊශ්‍රායලයේ ජීවත්වෙන ශ්‍රී ලාංකිකයින්ට ඇයගේ සිරුරට අවසන් ගෞරව දැක්වීම සඳහාත් අවස්ථාව ලබාදෙනවා.

ඉන් අනතුරුව ඇයගේ දේහය ශ්‍රී ලංකාව බලා පිටත් කර යැවීමට බලාපොරොත්තු වෙනවා.

මෙම වැඩකටයුතුවලදී DNA සාම්පල පරීක්ෂා කිරීමට අපේක්ෂා කළත් සිරුර හඳුනාගැනීමේදී ඥානීත් සෑහීමකට පත්වුණා මවගේ සිරුර බවට. ශ්‍රී ලංකා තානාපති ලෙස මා වෙත ලබාදී තිබෙන තොරතුරු අනුව මමත් සෑහීමකට පත්වෙනවා මේ ඇයගේ සිරුර බවට. ඒ අනුවයි ඇයගේ සිරුර ශ්‍රී ලංකාවට යැවීමට බලාපොරොත්තු වෙන්නේ.

රුවන් දෙදෙනාටත් ඇයගේ ස්වාමියාටත් පවුලේ ඥාතීන්ටත් වීඩියෝ තාක්ෂණය ඔස්සේ ඇයගේ දේහය දැකගන්නට අවස්ථාව ලබාදුන්නා.” ලෙස ඒ මහතා කියා සිටියේය.

අනුලා තම පවුලේ අය සමඟ

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යොවාන්ගේ ජය සංඛේත ජනතා සන්තකයට

නිශ්මං රණසිංහ දෙසැම්බර් 15, කොළඹ LNW: යුරෝ ෆෝමියුලා 2025 ඕපන්...

ආපදා හේතුවෙන් බලපෑමට ලක්වූ සෞඛ්‍ය ආයතන 236 න් සියයට 90 ක් පමණ යථා තත්ත්වයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : සියළු දුම්රිය මාර්ග...

යුතුකම් ඉටුකළ UAE සමුගෙන යයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : මහා කුණාටුවෙන් පසු...

අවහිර වූ මාර්ග 316න් මාර්ග 300ක ගම­නා­ග­මන කට­යුතු ඇරඹෙයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : ඉකුත් දා...