කට්ට සම්බෝලෙටත් හෙනහුරා වැදිලා!

Date:

කොළඹ LNW:එක හොර නඩයක් විසින් රට බංකොලොත් කර තිබෙන අතර එම පීඩනය දරා ගත නොහැකිව ජනතාව දැන් ඊට විරෝධය දක්වමින් සිටින බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා පැවසුවේය.

ඒ, අද (24) විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේදීය.

උද්ධමනය පහළ ගොස් ඇති බව පැවසුවද කඩපොළේ එය ප්‍රායෝගිකව ඉටුව නොමැති බැවි මන්ත්‍රීවරයා සඳහන් කළේ.

”කට්ට සම්බෝලෙටත් හෙනහුරාවැදිලා. විදුලි බිලෙන් ජනතාවට කරන්ට් එක වද්දලා. ඇමති කියනවා ඕන වෙලාවක මිල වැඩිකරන්න පුලුවන් කියලා. ඇමතිවරයා මේ උත්සාහ කරන්නේ විදුලි මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමට. ව්‍යවස්තානුකූලව මැතිවරණ ගණනාවක් පවත්වන්න තියෙද්දී මැතිවරණ නීති සංශෝධනය කරන්න හදලා උප්පරවැට්ටියක් දාන්න හදනවා. ජනාධිපතිවරයා මේ කමිටු දාගෙන මේ හදන්නේ මැතිවරණ කල්දාන්නදැයි සැකයක් එනවා. තෙල් ජල බස් ගාස්තු වැඩිවෙලා. උගතුන් රට අතහැරලා යනවා. රජයට මතක් කරනවා ප්‍රජාතන්ත්‍රවාදය හකුලන්න එපා කියලා. විකෘති ජනමතය වෙනුවට සැබෑ ජනමතයක් හදන්න මැතිවරණ තියන්න.”

මේ අතර සෞඛ්‍ය අමාත්‍යවරයාව සිටි කෙහෙළිය රඹුක්වැල්ල මහතා මාරු කිරීම සම්බන්ධයෙන්ද මන්ත්‍රීවරයා අදහස් දක්වා සිටියේය.

”ජනාධිපතිවරයා ඊයේ පිළිගෙන තියෙනවා අපි ගෙනාපු විශ්වාස භංගයේ කරුණු සත්‍යයි කියලා. ඒකයි සෞඛ්‍ය අමාත්‍යවරයා මාරු කලේ. අමාත්‍යවරු මාරු කරලා මේක හරියන්නෙර් නෑ. බාල ඖෂධ ඇතුලු කාරණා ගැන හොයන්න රමේෂ් පතිරණ අමාත්‍යවරයාට වගකීමක් තියෙනවා.” යනුවෙන් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරානය විසින් ඊශ්‍රායල් ජනාකීර්ණ නගර වෙත බැලස්ටික් මිසයික 150ක් දියත් කරයි; දෙපාර්ශවය අතර ගැටුම් තවදුරටත්

සටහන: සශිකලා මධුෂාණිජුනි 14; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයට එල්ල කරන...

මාලිමාවේ වෙන්ඩ කොළඹ නගරාධිපතිනිය අගමැති හරිනි සහ ඇමති වටගල හමුවේ දිවුරුම් දෙයි

ජාතික ජන බලවේගයේ කොළඹ මහ නගර සභාවේ නගරාධිපති අපේක්ෂිකාව...

ලෝක රුධිර පරිත්‍යාගශීලීන්ගේ දිනය අදයි !

2004 වසරේ සිට ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ලෝක රුධිර...