මන්ත්‍රී බුද්ධික පතිරණ නීති විභාගය කොපි කරලා?

Date:

කොළඹ LNW:මේ දිනවල පැවැත්වෙන නීති විද්‍යාල දෙවන වසර විභාගයට පනී සිටින පාර්ලිම්න්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා එම විභාගය කොපි කරන විට විභාග පරීක්ෂිකාවකට හසු වී ඇති බවට වාර්තා වෙයි.

විභාගය ලියන අතරතුර ඔහු කොපි කරන අයුරු දැක ඇති විභාග පරීක්ෂිකාවක ඒ ගැන පරීක්ෂා කොට ඔහු කොපි කර ඇති බව තහවුරු කරගැනීමෙන් අනතුරුව ශාලාධිපතිට පැමිණිලි කර ඇති බවටයි වාර්තා වන්නේ.

උත්තර සහිත කොළ කිහිපයක් ඔහු සන්තකයේ තිබී සොයා ගෙන ඇති බව සඳහන්.

විභාග දෙපාර්තමේන්තුවෙන් මෙම විභාගය පවත්වන අතර ඒ වෙනුවෙන් දැඩි කොන්දේසි පනවා තිබෙන පසුබිමකයි වාර්තා වන පරිදි බුද්ධික පතිරණ මන්ත්‍රීවරයා එලෙස හැසිරී ඇත්තේ.

කෙසේවෙතත් මෙම සිද්ධිය වසන් කිරීමට විපක්ෂයේ ඉහළ මට්ටමින් ද මැදිහත්ව තිබෙන බව කියවෙන අතර එවැනි සිද්ධියක් නොවුණු බවට කරුණු දැක්වීම සඳහා අදාළ විභාග පරික්ෂිකාවට බලපෑම් එල්ල කරමින් තිබෙන බවද වාර්තා වෙයි.

ප.ලි. මේ පිළිබඳව පා.ම බුද්ධික පතිරණ මහතාට පිළිතුරක් ලබා දීමට ඇත්නම්, ඒ සඳහා අවකාශය සපයා දීමට ද අප සූදානම් බව මින් දැනුම් දෙමු.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුසියානු සාහිත්‍ය කවයේ 20 වැනි සැමරුම අද කොළඹ රුසියානු මන්දිරයේදී! (PHOTOS)

කොළඹ LNW:කොළඹ රුසියානු මන්දිරයට අනුබද්ධ රුසියානු සාහිත්‍ය කවයේ විසි...

බටර් පාරක් ගාලා ගෝල්ඩ් කාඩ් එකක් ෆ්‍රී ගත්ත නිකී! 

සටහන – පුලී ජනවාරි 29, කොළඹ (LNW): ලෝකයම රැප් ගායනයෙන්...

ඩොලර් නොට්ටු 20 ක් නැහැ එක විස්සෙ නෝට්ටුවයි – අතිරේක විනිසුරුගේ නිවස බිදීම ගැන පොලීසිය කියයි

නිශ්මං රණසිංහ ජනවාරි 29, කොළඹ LNW: කළුතර අතිරේක දිසා විනිසුරුවරියගේ...