මුදල් වංචා කළ අයෙක් අත්අඩංගුවට!

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): මුල්‍ය ආයතනයක් පවත්වාගෙන යමින් රුපියල් කෝටි 990ක මුදලක් වංචා කළ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත. ඔහු මෙම ආයතනය ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුමැතියකින් තොරව කරගෙන ගොස් ඇති බවට තොරතුරු වාර්තා වී ඇත.

පොලීසිය පැවසූවේ, මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් ඊයේ (26) අත්අඩංගුවට ගත් සැකකරුට එරෙහිව මුදල් සාපරාධී සාවද්‍ය පරිහරණය, විශ්වාසය කඩකිරීම හා උපයා ගන්නා ලද මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් චෝදනා එල්ලවී ඇති බවයි .

පොලීසිය තවදුරටත් සඳහන් කළේ, සැකකරු මුල්‍ය ආයතනයේ අධ්‍යක්ෂවරයා සහ කොටස්හිමිකරු ලෙස කටයුතු කර ඇති අතර , මහනුවර කැන්ඩි විව්ගාර්ඩ්න් ප්‍රදේශයේ පදිංචි සැකකරු 54 හැවිරිදි අයෙකු බවයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බැංකු ගිණුම් විවෘත කිරීම ඇතුළු වැඩ 8ක් සඳහා TIN අංකය අනිවාර්යය කිරීම 2027 අප්‍රේල් දක්වා කල් දමයි

සටහන - රුවන් නෙළුගොල්ල නිශ්චිත ගනුදෙනු 08ක් සඳහා බදු ගෙවන්නන්...

සංවිධානාත්මක අපරාධ පනතේ ප්‍රශ්නගත පැය 72 වගන්තිය ඇතුළු කරුණු 3ක් සංශෝධනය කරනවා – ජනපති

සටහන - රුවන් නෙළුගොල්ල පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති සංවිධානාත්මක අපරාධ...

යුරෝපය පුරා මගී ගුවන් යානා 25කට වැඩි සංඛ්‍යාවකට බෝම්බ තර්ජන

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 05: යුරෝපය පුරා මගී...

කොළඹ කොටස් වෙළඳපොලේ සුවිශේෂී වර්ධනයක්. දින දෙකකදී ASPI ඒකක 1000කින් ඉහළට

සටහන - රුවන් නෙළුගොල්ල කොළඹ කොටස් වෙළඳපොලේ සියලු කොටස් මිල...