*
Saturday, May 4, 2024
spot_img

Latest Posts

සොරකම් කිරීමේ සිද්ධියකට සාත්තු සේවිකාවක අත්අඩංගුවට

සටහන – නදීක දයා බණ්ඩාර

මහනුවර ( LNW ): හදිසියේ ඇති වූ අසනීප තත්ත්වයක් හේතුවෙන් කටුගස්තොට මූලික රෝහල ට ඇතුළත් කළ කාන්තාවක ගේ රන් මුදු හතරක් සොරකම් කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් රෝහලේ සාත්තු සේවිකාවක් සැකපිට අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
මාතලේ මැටිහක්ක රන්මුතුගම ප්‍රදේශයේ පදිංචි කාන්තාව ඇගේ නිවසේ මෙහෙකාරිය සමඟ කොණ්ඩදෙණිය ප්‍රදේශයට යමින් සිටිය දී හදිසියේ ඇති වූ හෘද රෝගයක් නිසා ප්‍රතිකාර සඳහා (25) පස්වරු 6.30 ට පමණ කටුගස්තොට රෝහලට රැගෙන ගොස් ඇත.


කටුගස්තොට මූලික රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ දී වෛද්‍යවරයෙකු ඇය පරීක්ෂා කර බලා මහනුවර ජාතික රෝහලට මාරු කිරීමට තීරණය කර තිබේ. එම අවස්ථාවේ වෛද්‍යවරයා ගේ සහයට හෙද නිලධාරිනියක හා සාත්තු සේවිකාවක් සිට ඇත.
රෝහල ට ඇතුළත් කරන අවස්ථාවේ ඇය මුදු කිහිපයක් පැළඳ සිටි බව රෝහල් කාර්ය මණ්ඩලය ද දැක ඇත. මහනුවර ජාතික රෝහලට මාරු කිරීම සඳහා රෝගියා සූදානම් කරන අවස්ථාවේ ඇගේ රන් අභරණ සොරා ගන්නට ඇතැයි යන සැකය මත කටුගස්තොට පොලීසිය පොලිස් නිල සුනඛයෙකු ද යොදවා විමර්ශන සිදුකර තිබේ.


එම අවස්ථාවේ නිල සුනඛයා සාත්තු සේවිකාව අසළට ගොස් නැවතුණු බව පොලීසිය පවසයි. ඊට අමතරව ලැබුණු තවත් තොරතුරු කිහිපයක් පදනම් කර ගනිමින් ඇය අත්අඩංගුවට ගැනීමට පොලීසිය පියවර ගෙන ඇත. සැකපිට අත්අඩංගුවට ගත් රෝහල් සාත්තු සේවිකාව මහනුවර පූර්ණවත්තේ පදිංචිකාරියකි. සිද්ධිය සම්බන්ධයෙන් කටුගස්තොට පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර්.ඩී රාජපක්ෂ මහතා ගේ මෙහෙයවීමෙන් පරීක්ෂණ පැවැත්වෙයි.


Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan