නිහඬ ලන්සා හෙට පාර්ලිමේන්තුවේදී කට අරින්න සූදානමින් !

Date:

මේ දිනවලදී දැඩි නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් සිටින රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා මහතා හෙට පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට සූදානමින් සිටින බව වාර්තා වේ.

අමාත්‍යශයේ කටයුතුවලින් ඉවත්වීම සම්බන්ධයෙන් සහ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් ඔහු එහිදී කරුණු ඉදිරිපත් කිරීමට සූදානමින් සිටී.

මේ අතර ඇමති ධුරයේ කටයුතුවලින් ඉවත්වීමට බලපෑ හේතු සම්බන්ධයෙන් පැහැදිලි කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමු කිරීමටද ඔහු සූදානම් වන බවයි වාර්තා වන්නේ.

හෙට පෙරවරු 10 ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත අතර රබර් නැවත වගා කිරීමේ සහනාධාර පනත ඇතුළු පනත් කිහිපයකට අදාල නියෝග කිහිපයක් විවාදයට ගැනීමට නියමිතය.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇඳ පොළවේ නැටීම දුෂ්කරය – ක්‍රීඩාවේ අසුභ සෝදා සුබ වර්ණ ගැන්වෙන නව වසරක්!

නිශ්මං රණසිංහ ජනවාරි 01, කොළඹ LNW: අද ජනවාරි පළමුවැනි දා.ඉකුත්...

ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ලන්ඩන් කවි 6වන වෙළුම පෙඳෙහි රසහව් විඳින්නට හැකි දෙනෙත් ඇත්තේ...

ගාමිණී අතුකෝරළ හිටියා නම් එජාපයට මෙහෙම වෙයිද ?

එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායකවරයකු සහ හිටපු මහලේකම්වරයකු...