*
Sunday, October 27, 2024
spot_img

Latest Posts

“Shi Yan 6” සමඟ නාරා ආයතනය පරීක්ෂණ කටයුතු වල නිරත වෙයි!

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): මේ වනවිට දිවයිනට පැමිණ තිබෙන “Shi Yan 6” චීන පර්යේෂණ නෞකාව සිදුකරන පරීක්ෂණ කටයුතු සඳහා අද (29) සිය පර්යේෂණ කණ්ඩායම සම්බන්ධ වීමට නියමිත බව, ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන ආයතනය හෙවත් නාරා ආයතනය පවසන අතර, ආයතනයේ නිලධාරීන් සිව්දෙනෙකු අදාළ පරීක්ෂණ කටයුතු සඳහා සහභාගී වීමට නියමිත බවයි පැවසෙන්නේ.

මේ සඳහා නාවික හමුදා නිලධාරීන් දෙදෙනෙකු ද අදාළ පරීක්ෂණ කටයුතු සඳහා සහභාගී වීමට නියමිතව බවද තොරතුරු වාර්තා වේ. පසුගිය 25 වන දින “Shi Yan 6” චීන පර්යේෂණ නෞකාව දිවයිනට පැමිණි අවස්ථාවේ ඊට පරීක්ෂණ කටයුතු කිරීමට අවසර ලබාදී නොතිබූණි.

ඉන් පසුව දින දෙකක කාලයක් පරීක්ෂණ කටයුතු සඳහා අවසර ලබාදීමට විදේශ කටයුතු අමාත්‍යංශය පියවර ගනු ලැබූ අතර, හෙට (30) සහ අනිද්දා (31) යන දෙදින තුළ මෙරට මුහුදු සීමාවේ බටහිර ප්‍රදේශයේ අදාළ නෞකාව සමග පරීක්ෂණ කටයුතුවල නිරත වන බව නාරා ආයතනය ප්‍රකාශ කරයි.

2019 වසරේ සිදුවූ පාස්කු ප්‍රහාරයෙන් අනතුරුව අදාළ පරීක්ෂණ කටයුතු සිදුකරන පළමු අවස්ථාව මෙය ලෙස සලකෙන අතර, මෙහිදී මුහුදු ජලයේ ලවණතාවය සහ උෂ්ණත්වය පිළිබඳව පරීක්ෂණ සිදුකිරීමට නියමිත අතර, එම පරීක්ෂණ 2010 වර්ෂයේ සිට 2019 වර්ෂය දක්වා අඛණ්ඩව සිදුකර ඇති බවයි නාරා ආයතනය සඳහන් කළේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan