ජනතාව කබලෙන් ළිපට! රෝහල් රැසක ශල්‍යකර්ම සීමාකර ඇති බව සමස්ත ලංකා හෙද සංගමය පවසයි!

0
374

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): මේ වන විට කොළඹ ජාතික රෝහල ඇතුළු රෝහල් රැසක ශල්‍යකර්ම සීමාකර ඇති බව සමස්ත ලංකා හෙද සංගමය පවසයි.

එයට ප්‍රධාන හේතුව වී ඇත්තේ, ඖෂධ හා රසායනික ද්‍රව්‍ය හිඟය බව ඔවුන් පෙන්වා දෙයි.

අදාළ ගැටලු විසඳීමට මෙතෙක් සෞඛ්‍ය බලධාරීන් පියවර ගෙන නොමැති බවද සංගමයේ ප්‍රධාන ලේකම්, එස්. පී මැදිවත්ත මහතා පවසන අතර, සෞඛ්‍ය ක්ෂේත්‍ර‍යේ පවතින පුරප්පාඩු පිරවීමට ද කඩිනමින් කටයුතු කළ යුතු බවයි ඔහු කියා සිටියේ.

රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් විසින්ද පවසා සිටියේ, සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පවතින ගැටලු විසඳීමට වත්මන් අමාත්‍යවරයා කඩිනමින් මැදිහත් විය යුතු බවය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??