ඉදිරි අය – වැයෙන් කෘෂි ක්ෂේත්‍රයට සුභ වේවි! – මහින්ද අමරවීර

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): කෘෂිකර්ම ක්ෂේත්‍රයේ ගොවීන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් ඉදිරි අය-වැය සඳහා යෝජනා ඉදිරිපත් කර ඇති බව, කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යය මහින්ද අමරවීර මහතා කියා සිටී.

ඒ පිළිබඳ අදහස් දැක්වූ මහින්ද අමරවීර මහතා,

“ ඉදිරි අය-වැය සඳහා කෘෂිකර්ම ක්ෂ්‍රේත්‍රයේ ගොවීන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් යෝජනා ඉදිරිපත් කරලා තියෙනවා, මම විශ්වාස කරනවා ඒ සඳහා යහපත් ප්‍රතිචාරයක් ලැබෙයි කියලා. රටේ මූල්‍ය තත්වය පිළිබඳවත් අපි දන්නවා, ආර්ථිකය පිළිබඳවත් අපි දන්නවා, ඒ තත්වය තුළ වුණත් මේ වසරේ අපිට උදව් කළා, වගේම මහා භාණ්ඩාගාරයත් ජනාධිපතිතුමත්, ලබන වසරේදීත් ඒ උදව්ව ලැබෙයි කියලා මම විශ්වාස කරනවා, ජනාධිපතිතුමන් හා මහා භාණ්ඩාගාරය රජයේ සේවකයින්ට හා අනෙක් අයටත් යම් සහනයක් ලබා දීම ගැන අවධානය යොමු කරලා තියෙනවා”

යැයි ඒ මහතා පැවසීය.

ඇමතිවරයා මේ බව ප්‍රකාශ කර සිටියේ අනුරාධපුර රාජාංගනය ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න කීපයකට පිළිතුරු ලබා දෙමින්ය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Harry Kane: ‘කුසලතාවයට වඩා නොපසුබස්නා උත්සාහය දිනයි’

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 28, කොළඹ LNW : 2001 වසරේදී මයිකල්...

උතුරු පළාතේ මිරිදිය ධීවර කර්මාන්තය නගාසිටුවීමට රු. මි. 270ක ව්‍යාපෘතියක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 28, කොළඹ LNW : උතුරු පළාතේ මිරිදිය...

සිරියා-ජෝර්දාන දේශසීමාව නැවත විවෘත වේ…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 28, කොළඹ LNW : 2026 ඔක්තෝබර් අගභාගයේදී...

පෑලියගොඩදී රු. මි. 157ක් වටිනා ගංජා සහ හෂීෂ් අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 28, කොළඹ LNW : තායිලන්තයේ සිට මෙරටට...