රටට වෙනසක් අවශ්‍ය නම් කරන්න ඕන දේ මෙන්න!

Date:

කොළඹ LNW:දූෂණ විරෝධී පනත පූර්ණ වශයෙන් බලාත්මක කිරීම,රටේ ආර්ථික ගමන් මගෙන් හැරවුම් ලක්ෂයක් වනු ඇතැයි මහබැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අවධාරණය කරයි.

රටේ ආර්ථික සංවර්ධනය පසුබෑමකට ලක් කර තිබෙන ප්‍රධානතම හේතුව දූෂණය බවත් විදේශීය ආයෝජන රටට නොලැබීම කෙරෙහිද දූෂණය දැඩිව බලපා තිබෙන බවත් ඔහු පවසයි.

මෑතක දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් එළිදක්වන ලද යෝජනා දහසයකින් සමන්විත වාර්තාව, දූෂණ විරෝධී දේශපාලන සංස්කෘතියක් රට තුළ ස්ථාපිත කිරීමට අදාලව නැවුම් කතිකාවක් ගොඩනගා ඇති බව පවසන මහබැංකු අධිපතිවරයා, ඒ සම්බන්ධයෙන් සිය ප්‍රසාදය පළකර සිටියි.

ආර්ථික අවපාතය, අසමානතාවය, දරිද්‍රතාවය සහ සමාජ වටිනාකම්වල පරිහානිය, දූෂණයේ අතුරු ඵල යැයිද මහබැංකු අධිපතිවරයා පෙන්වාදෙයි.

එහෙයින් දූෂණයට විරුද්ධව ප්‍රබල සටනක් රට තුළ දියත් කළ යුතුව ඇතැයි ඔහු වැඩිදුරටත් අවධාරණය කරයි.

බැංකු අධ්‍යයන මධ්‍යස්ථානය විසින් පවත්වන ලද මහජන සම්මන්ත්‍රණයක් අමතමිනුයි මහබැංකු අධිපතිවරයා මම අදහස් පළ කර තිබුණේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බ්‍රිතාන්‍ය අගමැති ස්ටාමා සමාව අයැදියි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 05, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් රාජධානියේ අග්‍රාමාත්‍ය...

 සටන් විරාමයෙන් පසු ඊශ්‍රායලය විසින් ලෙබනනයට එල්ල කරන ගුවන් ප්‍රහාරවල දැවැන්ත වර්ධනයක් !

රෂිකා හෙන්නායක පෙබරවාරි 05, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): නොවැම්බර් මාසයේ ඇති...

ගනේමුල්ල සංජීව ඝාතන සිද්ධියේ තවත් කරුණු රැසක් හෙළි වෙයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 05, කොළඹ LNW : ගනේමුල්ල සංජීව ඝාතන...

දරුණු ගංවතුර තත්ත්වය මැද හිස ඔසවන්න වෙර දරණ මොසැම්බික් රාජ්‍යය!

රෂිකා හෙන්නායක පෙබරවාරි 05, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මොසැම්බික් රාජ්‍යය තුළ...