ධම්මිකගේ “ස්වර්ණමය පාරාදීසය වැඩසටහන” සතියක් තුළ ක්‍රියාවට නඟන්නැයි ජනපතිගෙන් උපදෙස් !

0
4191

ශ්‍රී ලංකාව මේ වනවිට මුහුණ පා සිටින විදේශ විනිමය අර්බුදයෙන් ගොඩගැනීම උදෙසා ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා විසින් රජයට ඉදිරිපත් කරන ලද “ස්වර්ණමය පාරාදීසය වැඩසටහන”ට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අනුමැතිය ලැබී ඇති බව වාර්තා වේ.

ඒ අනුව සතියක් ඇතුළත මෙම යෝජනාව ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය විධිවිධාන සකස් කරන ලෙස ජනාධිපතිවරයා විසින් ජනාධිපති ලේකම්වරයාට උපදෙස් ලබාදී ඇති බව සඳහන්.

මීට අදාළ කැබිනට් පත්‍රිකාව අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා විසින් මීළඟ කැබිනට් මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කිරීමට නියමිතය.

විදේශියකයින්ට මෙරට නේවාසික බලපත්‍ර ලබාදීමට අදාළව මෙම යෝජනාව සකස් කර ඇති අතර මෙම වැඩසටහන ඔස්සේ නේවාසිකභාවය ලබාගැනීමට අපේක්ෂා කරන විදේශිකයකු මුලින්ම මෙරට බැංකු ගිණුමක් ආරම්භ කර ඇමරිකානු ඩොලර් 100,000 ක මුදලක් එහි තැන්පත් කළ යුතු වේ. එයින් වසරකට පසු අදාළ පුද්ගලයාට එම මුදලින් ඇමරිකානු ඩොලර් 50,000ක් දක්වා මුදලක් ආපසු ගතහැකි අතර දෙවැනි වසරේ සිට ඉදිරියට ඔහු හෝ ඇය මෙරට රැඳී සිටින සම්පූර්ණ කාලය තුළ අවම වශයෙන් ඇමරිකානු ඩොලර් 50,000 ක ශේෂයක් එම ගිණුමෙහි පවත්වාගෙන යා යුතු බවයි ධම්මික පෙරේරා මහතා සිය වැඩසටහනෙන් යෝජනා කර ඇත්තේ.

මෙසේ “ස්වර්ණමය පාරාදීසය වැඩසටහන” හරහා විදේශිකයින් 50,000ක් මෙරටට ගෙන්වාගත හැකි නම් එක් අයෙකු ඇමරිකානු ඩොලර් 100,000 බැගින් කරන තැන්පතු හරහා ඇමරිකානු ඩොලර් බිලියන 05ක විශාල විදේශ විනිමය ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට හැකි වේ. නේවාසිකභාවය සඳහා විදේශිකයින් 50,000ක් මෙරටට ගෙන්වා ගැනීම යනු අසීරු ඉලක්කයක් ද නොවේ.

එමෙන්ම මාසික ආදායම ඇමරිකානු ඩොලර් 2,000 ට වැඩි, වයස අවුරුදු 60 ඉක්මවූ විදේශිකයින් සඳහා වසර 10ක වීසා බලපත්‍ර නිකුත් කිරීමට ද ඒ මහතා සිය වැඩසටහන මගින් යෝජනා කර තිබේ.

RN

සබැඳි පුවත් –

http://139.59.240.222/02/11/6526/

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here