යුද්ධයෙන් හැමදාම පිඩාවට පත්වුණේ යුද්ධයට එරෙහි ජනතාවයි!

Date:

කොළඹ LNW: යුද්ධයෙන් හැමදාම පීඩාවට පත් වූයේ යුද්ධයක් සම්බන්ධයෙන් තීරණය ගැනීමට දායක නොවුණු ජනතාව බව ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කමිටු සාමාජික වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අවධාරණය කරයි.

ගෝලීය බලවතුන්ගේ යුද අවශ්‍යතා හේතුවෙන් පීඩාවට පත්වුණු ජනතාව පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණ ස්ථාවරයන් සකස් කරගෙන තිබෙන්නේ මනුෂ්‍යත්වය පදනම් කරගෙන බවයි ජයතිස්ස මහතා පවසන්නේ.

යුද්ධයට එරෙහිව යුදෙව් ජනතාව ගෙන තිබෙන ස්ථාවරයත් ජවිපෙ ලෙස අගය කරන බවද ඔහු පවසයි.

”යුද්ධයක් කියන්නේම ඛේදවාචකයක්. යුද්ධය සම්බන්ධයෙන් තීන්දු ගැනීමට දායක නොවුණු ජනතාව හැමදාමත් පීඩාවට පත්වුණා. මේ වෙනවිට 8,000කට අධික පිරිසකගේ ජීවිත අහිමි වී ජීවත්ව සිටින්නන්ගේ ආහාර, ජලය ඇතුළු මූලික අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකි වී සිටිනවා. ගෝලීය බලවතුන්ගේ යුද අවශ්‍යතා හේතුවෙන් පීඩාවට පත්වුණු ජනතාව පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණ ස්ථාවරයන් සකස් කරගෙන තිබෙන්නේ, මනුෂ්‍යත්වය පදනම් කරගෙනයි. ජනතාවගේ ජීවිත ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් ලෝක පරිමාණයෙන් සිදුවන මැදිහත්වීමේ කොටස්කරුවන් බවට අපිත් එකතු වෙනවා. ලංකාව රටක් හැටියට සාධාරණත්වය වෙනුවෙන් ලෝකය ඉදිරියේ ගත් ක්‍රියාමාර්ග නිසා අද බංකොලොත් රටක් වී තිබුණත් ඒ ගෞරවය අදත් හිමි වී තිබෙනවා. දෙවන ලෝක යුද්ධයෙන් පසුව එක්සත් ජාතීන්ගේ සංවිධානය ගොඩනැඟුවේම මෙවැනි තීරණාත්මක ගැටුම්වලදී මැදිහත් වී ලෝකයේ ජනතාවට සාධාරණත්වය ඉෂ්ට කරන්නයි. එක්සත් ජාතීන්ගේ සංවිධානය ඒ වෙනුවෙන් මෙම ගැටුමේදී පවා නිකුත් කරන ප්‍රකාශ සම්බන්ධයෙන් අපේ ඇගයීමක් තිබෙනවා. අවසන් වශයෙන් ගැටුමට මුල පිරුවේ කවුද? යන්න සොයනවාට වඩා කාලයක් පුරා පවතින මේ ප්‍රශ්නයට විසඳුම් සෙවිය යුතු බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහා ලේකම්වරයා කර තිබෙන ප්‍රකාශය ජනතා විමුක්ති පෙරමුණේ විශේෂ ඇගයීමට ලක්වෙනවා. ලෝකයේ මෙවැනි රටවල මනුෂ්‍යත්වය පිළිබඳව කල්පනා කරන ජනතාව මේ ගැටුම නිරාකරණය කිරීමට හඬ නැගීම ගැන ඇගයීමට ලක්කරන අතර එහි කොටස්කරුවන් වෙන්නත් අපි ක්‍රියාකරනවා. යුද්ධයට එරෙහිව යුදෙව් ජනතාව ගෙන තිබෙන ස්ථාවරයත් අපි අගය කරනවා. නිදහස් ඊශ්‍රායලය සහ නිදහස් පලස්තීනය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ ස්ථාවරය අනුව ක්‍රියාකරමින් එක්සත් ජාතීන්ගේ සංවිධානය සම්මත කරගත් සටන් විරාමයට ඉක්මනින්ම යා යුතුයි.” යන්න ඔහු වැඩිදුරටත් අවධාරණය කරයි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඩඩ්ලිගේ යූස්ඩ් වාහනයට රේගුව මිලියන 100ක් බදු ගහලා ?

අරලිය සහල් අධිපති, කෝටිපති ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන පසුගිය දවස්වල...

ලංකාවට තවත් අවස්ථාවක්

නිශ්මං රණසිංහ ජූලි 04, කොළඹ LNW: මේ වන විට ආසියානු...

එස්. එම්. චන්ද්‍රසේන අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන අල්ලස් හෝ...

ශ්‍රී ලංකා ක්‍රිකට් විශ්ව විද්‍යාලයට යයි

නිශ්මං රණසිංහ ජූලි 04, කොළඹ LNW: රාජ්‍ය විශ්වවිද්‍යාලය 16 ට...