දැනටමත් දුවන්නේ අමාරුවෙන්.අපි නම් දන්නේ නැහැ කොහොම පඩි වැඩි කරන්නද කියල – ඇමති බන්දුල

Date:

කොළඹ LNW: ඉතා අපහසුවෙන් ගෙවන රාජ්‍ය සේවක වැටුපට අමතර මුදලක් එකතු කරන්නේ කෙසේද යන්න පිළිබදව උද්ඝෝෂණ ව්‍යාපාරවලට දායකවන වියතුන් බුද්ධිමතුන් පෙන්වා දිය යුතු බව ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසයි.

පාස්කු ප්‍රහාරයෙන් අනතුරුව ඇති වූ දැවැන්ත ආර්ථික කඩාවැටීම හමුවේ අර්බුද රැසකට මුහුණදීමට සිදුවූ අතර මේ වන විට රටේ යළි යහපත් තත්ත්වයක් ගොඩනැගෙමින් පවතින බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

ණය ප්‍රතිව්‍යුහගත කරගන්නා තුරු නැවත ණය ලබාගැනීමේ හැකියාවක් රටට නැති බවද කවුරු බලයට ආවද, පවතින ආර්ථික ගැටලුවලට නිවැරදි විසඳුමක් සොයා ගත යුතු බවද ඔහු කියාසිටියි.

මේ අතර පසුගිය වසරේ රටේ මුළු බදු ආදායමෙන් 72% ක් හෙවත් රුපියල් බිලියන 1265ක් රාජ්‍ය සේවක වැටුප් සහ විග්‍රාම වැටුප් ගෙවීම සඳහා වැය වී ඇති බවද සමෘද්ධි ඇතුළු අනෙකුත් සහනාධාර සඳහාද බිලියන 506 ක් වැය කළ විට හාණ්ඩාගාරයට ලැබෙන බදු ආදායමෙන් සනයක් හෝ ඉතිරි නොවන බවද අමාත්‍යවරයා අවධාරණය කරයි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සරත් ඍතුවෙන් පසුව එළැඹුණු නෙවර්මෝර් ඇකඩමියේ තතු සමඟින් “Wednesday Season 2”

සටහන – පුලී අගෝස්තු 19, කොළඹ (LNW): නෙවර්මෝර් ඇකඩමියට නව...

බොරු ප්‍රචාරවලට අහුවෙන්න එපා. ආණ්ඩුව සල්ලි අච්චු ගහල නෑ!

කොළඹ LNW:පවතින වපසරිය තුළ ආණ්ඩුව මුදල් අච්චු ගැසීමක් අකර...

හිටපු ජනාධිපති රනිල්ව CIDයට කැඳවයි !

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ...

පොහොර සහනාධාරය QR ක්‍රමයට!

කොළඹ LNW:ගොවීන් සඳහා පොහොර සහනාධාරය ලබාදීමේදී ඩිජිටල් ක්‍රමවේදය ඔස්සේ...