*
Friday, September 20, 2024
spot_img

Latest Posts

ලංකාව එපා කියද්දිත් ලංකාවට වැඩ කරන කියුබානුවන්ගෙන් හපන්කමක්.

පසුගිය කාලයේ ශ්‍රී ලංකාවේ සේවය කළ කියුබානු මලල ක්‍රීඩා පුහුණුකරුවන් දෙදෙනා එපා කියා ලොකු විරෝධයක් ආවා.එල්ල වුණු චෝදනාවලට ඔවුන් යටතේ ක්‍රීඩා කරපු ක්‍රීඩකයින් බොරු බව කියන්න කරුණු ඉදිරිපත් කරත්, ක්‍රීඩා අමාත්‍යවරයා හිටගත්තෙ ඔවුන්ව එපා කියපු පැත්තෙ.මේ වන විට දුර පැනීම වැනි ඉසව් ආසියාතික මට්ටමෙන් පෙරට ඇවිත් තිබෙනවා.එහෙම නැත්නම් ජාත්‍යන්තර මට්ටමට පනින අය හැදෙමින් තිබෙනවා.ඒ කාගෙද කියන එකට වඩා වැදගත් ඉසව්වේ දක්ෂතාවය පුළුල් කරේ කවුද කියා සොයා බැලීමයි.

නමුත් පුරුදු පරිදි වැල යන අපේකම කියන බොරුවටම තව දණ්ඩක් බැදලා වැවෙන්න ඇරපු ක්‍රීඩා ඇමතිතුමා කියුබානු පැනිම් පුහුණුකරු ලුවිස් මිරැන්ඩාටයි කෙටි දුර පුහුණුකරු සර්ජියෝ මැනුවෙල්ටයි යන්න කිවිවා.
ඊට පස්සෙ මොකද වුණේ?

මහා විශාල මුදලක් කියුබානු පුහුණුකරුවන්ට ගෙවනවා කියන කාරණය එක්ක හැප්පෙමින් හිටිය අයට දැණුමට ගෙවීම වගේ මහා විශාල ගුණාංගත් තියෙන බව ඒත්තු ගන්වමින් තමන් යටතෙ පුහුණුය ලබන ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් ඔවුන් නවතින්න තීරණය කළා.දැන් පහසුකම් කිසිවක් නැහැ.යාන්තමට ඇති ජීවත්වෙන්ට වුව ද කරන්නට ඇති යුතුකම්වල විශාලත්වයත් සමඟ බැදුණු එම දෙපළ තවමත් ලංකාවේ රැදී පුහුණු වෙනවා.
ඒ අතරින් වගකිවයුත්තනට අමතක වුණත්,තමන්ගේ දක්ෂතාවය ඔප නැංවූ මනුස්සය ගැන කියන ධනුෂ්ක සඳරුවන් ඉකුත් දා ඇමෙරිකාවේ පැවති මධ්‍යම ඇමෙරිකා ප්‍රාදේශීය ගෘහස්ථ මලල ක්‍රීඩා සූරතාවලියෙදි දුර පැනීම ඉසව්වෙන් නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවමින් රටට ලුවිස් මිරැන්ඩාගේ නම මතක් කර දුන්නා.ඒ වගේම ඔහුට සහය වන කළක් ජාතික මට්ටමේ සූරතාවයන් අත් කර ගත් අද වන විට ලුවිස් මිරැන්ඩාගේ සහය පුහුණුකරුවෙක් වශයෙන් සිටින නයන ප්‍රසාද් ධර්මරත්න ගැනත් ස්තූති පූර්වකව සිහි කරා.

කොළඹ නාලන්දාවේදි ටිකිරි බණ්ඩාර යටතේ දුර පනින ධනුෂ්ක ජපුර විශ්ව විද්‍යාලයට ඇතුළත්ව ක්‍රීඩා විද්‍යාව ගැන හදාරද්දි තමයි ලුවිස් මිරැන්ඩා හා සම්බන්ධ වෙන්නෙ.පසුව ඔහු තමන්ගේ එළිමහන් තරග දක්ෂතාවය සෙන්ටි මීටර් 21 කින් දියුණු කරගෙන දැන් ඉන්නෙ මීටර් 8 සීමාවට සෙන්ටි මීටරයක් මෙහා පැත්තෙ.ඒ කියන්නෙ මීටර් 7.99 ක උපරිම දක්ෂතාවයේ.

ධනුෂ්ක වාර්තාව තියන්නෙ ගෘහස්ථ මලල ක්‍රීඩා පිටියක්වත් නැති ශ්‍රී ලංකාවෙ ගෘහස්ථ මලල ක්‍රීඩා දුර පැනීමේ වාර්තාවයි.ඒ මීටර් 7.82 ක් දක්ෂතාවයක් දක්වමින්.ඊට පෙර තිබුණ වාර්තාවත් තියලා තිබුණෙ ඇමෙරිකාවෙදිමයි.ඒ බෙනල්ඩස් 1995 දි.හරියට ඒ වාර්තාවේ වයසයි අලුත් වාර්තාව තියන ධනුෂ්කගෙ වයසයි සමානයි.27 යි.

කොච්චර පරණ සහ අමාරු වාර්තාවක්ද ධනුෂ්ක අතින් බිදෙන්නෙ කියන එක වාර්තාවෙ වයසෙන් බලාගන්න පුළුවන්.ධනුෂ්කගේ ගමනෙ මුල නාලන්දය සහ ටිකිරි බණ්ඩාරත් ඉන්නවා වගේම ඒ ජීවිතයෙ සාර්ථකත්වය පස්සෙ ජපුර විශ්ව විද්‍යාලයෙන් සහ වර්ථමානයේ බටහිර ටෙක්සාසි හී ඒඅන්ඩ් එම් සරසවියෙන් ලැබෙන සහයත් වැදගත්.
පවුලේ හැමෝගෙම සහය ධනුෂ්කට වැදගත්.අම්මගෙ හයියත් එක්ක එන්න මඟ පෙන්විමත්,සහෝදරයො දෙන්න සහ සහෝදරිය අතර තියෙන බැදීමත් හරි විශේෂ දේවල්.හැබැයි ලුවිස්ගෙ දැණුම සහ මඟ පෙන්වීම ඒවට එකතු වුණේ නැත්නම් ධනුෂ්කගේ මේ වාර්තාව නැති බවයි ඔහුගේ විශ්වාසය.

සමහර විට අන්තර්ජාලය හරහා සාකච්ඡාව මහත්පල මහත් ආනිශංෂ දෙන්නෙ නැතුව ඇති.හැබැයි ධනුෂ්කට පුහුණුකරු කියන සමහර දේ කරන්න ලංකාවට වඩා පහසුකම් පිරුණ ඇමෙරිකානු පොළව විශාල සහයක්.ක්‍රීඩා ඇමතිතුමා යන්න කිව්වට නොගිහිං කියුබානුවන් පුහුණුකරුවන්ගේ වෘත්තිමය වගකීම සහ වටිනාකමත් පෙන්වමින් මේ රටේ මේ මොහොතෙ කරමින් ඉන්න දෙයත් අපේ සමහර පුහුණුකරුවන්ට ගුණවත්කම් ගැන නොමිලේම ඉගෙන ගන්න ලැබෙන අවස්ථාවක්.ඒ වගේම නාමල් රාජපක්ෂ අමාත්‍යවරයාටත් පුළුවන් තමන්ගේ තීරණය යළිත් ආපස්සට ගන්න.එහෙම නිහතමානි වෙන්න පුළුවන් හැකියාවක් ඔහුට තියෙනවනම් මේ පුහුණුකරුවන්ගෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් පුහුණුකරනවා වගේම ලංකාවේ පුහුණුකරුවන් අධීක්ෂණයටත් යොදා ගන්න පුළුවන්.

කොහොම හරි රටේ අමාත්‍යංශයෙ තීරණය පරද්දන්න පුළුවන් දුරකට පැන්න ධනුෂ්ක, හෙට දවසේ මේ රටට වැදගත් පැනීම් වාර්තා එකතු කරන්නට වගේම ක්‍රීඩාවට අඩුවක්ව පවතින දැන උග්තකම පුරවන්නත් බොහෝ දේ කරනු ඇතැයි අපි විශ්වාස කරන්නෙමු.

RM

ලුවිස් මිරැන්ඩා

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan