රාජ්‍ය වි.වි රැකගන්න පුළුල් පෙරමුණක්!

Date:

කොළඹ LNW:රාජ්‍ය විශ්ව විද්‍යාල පද්ධතිය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් පුළුල් පෙරමුණකින් ක්‍රියාත්මක වීමට සැලසුම් කර ඇතැයි විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය අද (02) මාධ්‍ය හමුවක් කැඳවමින් අවධාරණය කළේය.

ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් අද දින රාජ්‍ය විශ්ව විද්‍යාල 17ම නියෝජනය කරමින් විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය විසින් සංකේත වැඩවර්ජනයක් දියත් කර තිබේ.

ඊට සමගාමීව අද පෙරවරුවේ කැඳවූ මාධ්‍ය හමුවේදී එහි සභාපති මහාචාර්ය භරණ ජයවර්ධන මහතා පැවසුවේ දීප ව්‍යාප්ත මෙම වැඩවර්ජනයට අනධ්‍යන කාර්ය මණ්ඩලයද සහයෝගය දක්වා තිබෙන බවයි.

වැඩවර්ජනය ක්‍රියාත්මක වන්නේ හුදු වැටුප් ප්‍රශ්නයම මුල්කරගෙන නොව මෙහි ප්‍රධාන අරමුණ රාජ්‍ය විශ්ව විද්‍යාල ආරක්ෂාකර ගැනීම බවද මහාචාර්යවරයා ප්‍රකාශ කරන ලදී.

ඒ අනුව මෙරට රාජ්‍ය විශ්ව විද්‍යාල පද්ධතිය තුළ ප්‍රථම වරට සියලුම වෘත්තීය සමිති එකට එකතු වී සිටින බවද ඔහු සඳහන් කළේය.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

උපන් දිනේට පැරදෙන්නෙ නැතුව ඉන්නනම් දිනන්නම ඕනි

නිශ්මං රණසිංහ ජනවාරි 11, කොළඹ LNW: අද ශ්‍රී ලංකා විස්සයි...

පැරදුණත් බට්ටි ලොක්කියෙක් බව ලොක්කියන්ට පෙන්වයි

නිශ්මං රණසිංහ ජනවාරි 11, කොළඹ LNW: නිල්,අළු,කොළ සහ රතු ලෙස...

විද්‍යාව විජ්ජාවක් කරගත්, ජනසංහාරය කලාවක් කරගත්, අධිකරණ තීන්දු වලටත් බය නැති “මව්වරුන්”

විද්‍යාව විජ්ජාවක් කරගත්, ජනසංහාරය කලාවක් කරගත්, අධිකරණ තීන්දු වලටත් බය නැති “මව්වරුන්”

අලුත් මරු සිනමාකරුවෙක් මතු වී ඇත

නිශ්මං රණසිංහ ජනවාරි 11, කොළඹ LNW: සැලෝලයිඩ් පටියක රහට පිංතූර...