Knowledge Based Economy කටවචනයට පමණක් නොව මහ පොළොවේ යථාර්ථයක් විය යුතුයි – සජිත්

Date:

අපේ රටේ අධ්‍යාපනය ගැන කත කරනවිට කාන්තා අධ්‍යාපනය සම්බන්ධයෙන් සුවිශේෂී අවදානයක් යොමු කළ යුතු බවත් කාන්තා අධ්‍යාපනය සවිබල ගැන්වීම තුළ ආර්ථිකය ශක්තිමත් වීම, නිෂ්පාදන ධාරිතාව වර්ධනය වීම, ශ්‍රම බලකායේ කාන්තා සහභාගිත්වය ඉහළ යන බවත් ඒ තුළින් කාන්තා අයිතීන්, සමාජීය අයිතීන් හා ආර්ථික අයිතීන් කාන්තාවන් තුළ නිර්මාණය වන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ජනගහනයෙන් සියයට 52ක් වන කාන්තා පරපුර අමතක නොකළ යුතු බවත් එහෙත් කාන්තා අයිතීන් සුරක්ෂිත වන ක්‍රමවේදයක් අප රටේ සුරක්ෂා වී ඇත් ද යන්න ගැටලුවක් බවත් එහිදී දැරියන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් විශේෂිත වැඩසටහනක් ක්‍රියාත්මක කළ යුතු බවත් බුද්ධිය මත කේන්ද්‍ර වූ ආර්ථික ගැන කතා කළාට එය මහපොලොවේ යථාර්ථයක් විය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ පසුගියදා නුගේගොඩ ශාන්ත ජෝසෆ් බාලිකා විද්‍යාලයේ පැවැති නාද අභිමන් වැඩසටහන එක්වෙමිනි.

රට බංකොලොත් භාවයෙන් ගොඩ ඒමේදී අපේ රටෙි යල්පැනගින අධ්‍යාපනය නවීකරණය කළ යුතු බවත් කටපාඩම් අධ්‍යාපනය පසෙකලා ප්‍රශ්නවලට විසදුම් ලබා දෙන අධ්‍යාපන ක්‍රමයක් ඇති කළ යුතු බවත් එහිදී ඉංග්‍රීසි භාෂාව, තොරතුරු තාක්ෂණ අධ්‍යාපනය 1 වසරේ සිට ලබා දිය යුතු බවත් මෙම විෂයන් අනිවාර්ය විෂයක් විය යුතු බවත් එ සදහා අවශ්‍ය සියලුම පාසල් සෑම පාසලක් සතුවිය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එසේම අලුත් සංවර්ධන සංකල්පයන් ඔස්සෙ ඉදිරියට යා යුතු බවත් නව විෂය නිර්දේශවලට ප්‍රමුඛත්වය ලබා දිය යුතු බවත් අධ්‍යාපනයට දල දේශීය නිෂ්පාදිතයෙන් කොපමණ මුදල් ප්‍රමාණයක් වෙන් කලත් නව වැඩපිළිවෙළක් නොමැති නම් එම මුදල් ඵලදායී නොවන බවත් විපක්ෂ නායකවරයා මෙහිදී පැවසීය.

බස්නාහිර පළාතේ පිළියන්දල කලාපයට අයත් නුගේගොඩ සාන්ත ජෝසප් බාලිකා විද්‍යාලයේ ප්‍රථම වතාවට ආදි ශිෂ්‍ය සංගමය විසින් හඳුන්වා දෙන ලද ශිෂ්‍ය භට තූර්ය වාදන කණ්ඩායම, විදුහල්පතිනි රූපා රෝහිනී සිල්වා මහත්මියගේ අනුදැනුම මත 2023 වර්ෂයේදී ආරම්භ කරන ලදී. අලුතින් නිර්මාණය වන මෙම ශිෂ්‍ය භට තූර්ය වාදන කණ්ඩායම සඳහා අවශ්‍ය වන වාද්‍ය භාණ්ඩ, පාසල නියෝජනය කිරීම සඳහා අවශ්‍ය වන නිල ඇඳුම ලබා දීමට විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා කටයුතු කළ අතර එහිදී දරුවන්ගේ වාද්‍ය භාණ්ඩ හා නිල ඇඳුම් සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ පෞද්ගලික ධන පරිත්‍යාගයෙන් රුපියල් එක් මිලියන හැත්තඑක්දහස් පන්සියයක (1,071,500) මුදලක් ලබා දී තිබේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පොහොර මිල වැඩිකරලත් නෑ.හිඟයකුත් නෑ – අනවශ්‍ය වැඩ එපා. නීතිය ක්‍රියාත්මකයි!

කොළඹ LNW: පොහොර හිඟයක් ඇති කිරීමට හෝ අධික මිලට...

ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ඉරානයේ මියගිය සංඛ්‍යාව 400 දක්වා ඉහල යයි

සටහන: සශිකලා මධුෂාණිජුනි 21; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ජූනි 13 වන...

බදුල්ලේ බස් අනතුරක්: දෙදෙනෙකු ජීවිතක්ෂයට..25 ක් රෝහලට!

රෂිකා හෙන්නායක ජූනි 21, කොළඹ LNW : අද සවස, බදුල්ල...

පාකිස්ථානය, ඊශ්‍රායලයේ ‘sugar daddy’ නොබෙල් ත්‍යාගයට නම් කිරීමට සැරසේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 21; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...