අප්‍රිකානු රටවල මන්දපෝෂණය දුරලන්න ලංකාවෙන් කොස්

0
579

අප්‍රිකානු රටවල මන්දපෝෂණය දුරලීම සඳහා එම රටවලට කොස් හඳුන්වා දීම සඳහා විශේෂ ව්‍යාපෘතියක් ආරම්භ කර තිබෙනවා. දකුණු අප්‍රිකාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය ඊට අදාල සංකල්ප පත්‍රිකාවක් යුනිසෙෆ් සංවිධානය සහ ආහාර හා කෘෂිකර්ම සංවිධානය වෙත ඉදිරිපත් කර තිබේ.

මේ සම්බන්ධයෙන් අදාල සංවිධාන සමග සාකච්ඡා වට කිහිපයක් පවත්වා ඇති අතර කොස් ශාඛය හඳුන්වා දීම සඳහා අප්‍රිකානු රටවල් කිහිපයක සංචාරය කිරීමටද දකුණු අප්‍රිකාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් සිරිසේන අමරසේකර මහතා කටයුතු කර තිබෙනවා.

දෙවැනි ලෝක යුද සමයේදී මෙන්ම වෙනත් ආහාර අර්බුද ඇති වූ අවස්ථාවලදී කොස් ශාඛය ශ්‍රී ලංකාවට මහත් ලෙස උපකාරී වූ බව පෙන්වා දී ඇති මහ කොමසාරිස්වරයා, අප්‍රිකානු රටවල කොස් ශාඛය ව්‍යාප්ත කළහොත් එම රටවල ජනතාවගේ ආහාර ගැටලු විසඳීම වෙනුවෙන් ජාත්‍යන්තර සංවිධාන දරන පිරිවැය අවමර කරගත හැකි බවද පෙන්වා දී තිබෙනවා.

මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවීම සඳහා අවශ්‍ය අරමුදල් සපයන්නේ නම් තාක්ෂණික සහාය සහ රෝපණ ද්‍රව්‍ය ලබාදීමේ වගකීම ශ්‍රී ලංකාව දරන බව මහ කොමසාරිස්වරයා පවසා තිබෙනවා.

UN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here