IMF එකත් එක්ක ගැටලුවක් නෑ, වැඩිම ණය ගත්තෙත් මහින්ද රාජපක්ෂගෙ කාලෙදි – රමේෂ් පතිරණ

Date:

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග ආණ්ඩුවට කිසිදු ගැටලුවක් නොමැති බවත්, එම ආයතනයෙන් මුල්‍ය සහාය ලබා ගැනීම පිළිබඳව ආණ්ඩුව විවෘත මනසකින් බලන බවත් සම කැබිනට් ප්‍රකාශක රමේෂ් පතිරණ මහතා පවසනවා. රටේ පවතින මුල්‍ය අර්බුදය විසඳා ගැනීම සඳහා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ පිහිට පැතීම ප්‍රතික්ෂේප නොකරන ආණ්ඩුව, ඉදිරියේදී අවශ්‍ය වුවහොත් මුල්‍ය අරමුදල වෙත යනු ඇති බවද ඔහු සඳහන් කරයි.

පසුගිය වසර 50 කට ආසන්න කාලය තුළ ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් 29 වතාවක් ණය ලබාගෙන ඇති අතර විශාලම ණය මුදල ලබාගෙන තිබෙන්නේ 2009 වසරේදී මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පාලනය යටතේ බවද රමේෂ් පතිරණ මහතා සදහන් කරනවා.

කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් අඩපනව තිබූ සංචාරක කර්මාන්තය හරහා ලැබෙන විදේශ විනිමය ඉහළ යමින් තිබෙන බව පෙන්වා දෙන රමේෂ් පතිරණ මහතා පවසන්නේ විදෙස් රටවල සේවය කරන ශ්‍රී ලාංකිකයන් හරහා ලැබෙන විදේශ ප්‍රේෂණ ප්‍රමාණයද ඉහළ යමින් පවතින බවයි. කෙසේ නමුත් රට මුහුණ දී සිටින දැවැන්ත මුල්‍ය අර්බුදය විසඳා ගැනීම සඳහා එම ඩොලර් ප්‍රමාණය කිසිසේතම ප්‍රමාණවත් නොවන බවද ඔහු පවසනවා.

මෙරට අපනයන ආදායම මෙන් දෙගුණයක් ආනයන සඳහා වැයවන බැවින් මෙම ගැටලුව විසඳා ගැනීම ක්‍රමානුකූලව සිදුකළ යුතු බවද රමේෂ් පතිරණ මහතා අවධාරණය කරනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පළාත් පාලන කොමසාරිස්ගේ අභිමතයට අභියෝග කරන්න හැකියාවක් නැහැ – මැ. කො ප්‍රශ්නය විසඳයි!

කොළඹ LNW:පළාත් පාලන ආයතනවල සභාපතිවරු සහ උපසභාපතිවරු තෝරා ගැනීමේ...

මිලාන් රත්නායකට එක්දින වරම්…?

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: අද දිනයේ පැවත්වෙන් ශ්‍රී...

ඩේසි ෆොරොස්ට් සහ යෝෂිතට අධි චෝදනා භාර දෙයි!

රෂිකා හෙන්නායක ජූලි 02, කොළඹ LNW : අද (02) දින...