විදුලිය, ඉන්ධන, කෑම වෙනුවට අසේල සම්පත් ආණ්ඩුවෙන් ප්‍රතිජීවක කරලක් ඉල්ලයි! (VIDEO)

Date:

මේ වන විට රටේ පවතින තත්ත්වය අනුව ඉන්ධන, ආහාර, විදුලිය ආදිය නොමැතිව සිටිය හැකි වන පරිදි ප්‍රතිජීවක කරලක් සාදා සියලුම නිවෙස් වෙත එය බෙදාහරින ලෙස මහජන අයිතීන් සුරැකීමේ පදනමේ සභාපති අසේල සම්පත් මහතා පවසයි.

ඉන්ධන මිල වැඩි වන විට ඒ සමඟ සියලුම භාණ්ඩ හා සේවාවල මිල ඉහළ යන හෙයින් ජනතාවට කන්න නැති වීම වැලැක්විය නොහැකි බවයි ඔහු පෙන්වා දෙන්නේ.

විදුලිය අර්බුදය තුළ ඇත්තේද මාෆියාවක් වන අතර දකුණු පළාතට පැය තුනක කප්පාදුවක් සිදුකරන්නේ ඇඹිලිපිටියේ ඒ එස් බලාගාරය වෙත විදුලිය සැපයීමේ කොන්ත්‍රාත්තුව ලබා දීමට බව හෙතෙම සඳහන් කරයි.

”අපි ගම්මන්පිලට කියනවා ඉන්ධන මිල වැඩිකරනවා නම් වැඩිකරපල්ලා අඩන්නේ නැතුව පාඩු නොවෙන ගාණකට මාස හයකටවත් රට ගොඩනගන වැඩපිළිවෙලකට. අද කසල මේ රටින් පිටරට යවනවා. මුන් වගේ හරක් පැටව් ටිකක්. මේ රටේ කසල පිටරට යවල නෙවෙයි ඩොලර් ගේන්න ඕනේ. මේ රටේ නිෂ්පාදන යවන්න ඕනේ.” යනුවෙන් ද අසේල සම්පත් මහතා ප්‍රකාශ කළේය.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දියාව හා චීනය අතර වෙළඳ සබඳතා නැවත ආරම්භ කිරීමට සහ දේශසීමා ආරවුල විසඳීම සඳහා වැන්ග් යී, නරේන්ද්‍ර මොදී හමුවේ

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): චීනයේ ඉහළම රාජ්‍ය...

තහනම් වැඩෙත් තහනම් කරගන්නෙ නැතුව තියා ගන්න බැරිවීම

නිශ්මං රණසිංහ අගෝස්තු 20, කොළඹ LNW: ක්‍රීඩා අමාත්‍යවරයා සංවාදශීලී නැත.ඉතාම අසාර්ථක...

යුක්තියෙන් තොර සාමයක් නොමැත – පලස්තීනයේ නිදහස වෙනුවෙන් කොළඹදී පාගමනක්! (PHOTOS)

කොළඹ LNW: පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අද (20) කොළඹදී විරෝධතා...