තෙල් නිපදවන ඩුබායි රටටත් වඩා අපේ රටේ ඩීසල් මිල අඩුයි – ඇමති බන්දුල (VIDEO)

0
255

ඉන්ධන නිෂ්පාදනය කරන රටක් වන ඩුබායි රාජ්‍යයටත් වඩා ශ්‍රී ලංකාවේ ඩීසල් මිල අඩු බව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

”ඔව්, ඒ රටේ තෙල් නිපදවන රටක්. අපි බොරතෙල්, අනිත් තෙල් ආනයනය කරනවා ඩුබායි රාජ්‍යයෙන්. ඒ රටේ පෙට්‍රල් ලීටරයක් ලංකාවෙ මුදලින් රුපියල් 154ක් වන අතර තෙල් නිපදවන රටේ ඩීසල්, පෙට්‍රල් වලට වඩා විශාල මිලකට තමා අලෙවි කරන්නෙ. ඉතින් ඔවුන් කියන්නෙ මේ ලෝකයේ පවතින කොවිඩ් – 19 වසංගතය යටතේ ලෝක ආර්ථිකයට ඇතිවෙලා තියෙන බලපෑම ඔවුන්ටත් දැනෙනවා කියලා”

අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මේ බව පැවසුවේ ඊයේ (22) හෝමාගම ප්‍රදේශයේ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

ශ්‍රී ලංකාව තුළ මේ වනවිට ඛනිජ තෙල් සංස්ථාව විසින් අලෙවි කරන්නේ පෙට්‍රල් ලීටරයක් රු. 177කට සහ ඩීසල් ලීටරයක් රු. 121කට වශයෙනි.

RN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here