උරුමය යනු ගෝත්‍ර ආශයකි ….

Date:

නොදියුනු ජාතීන් සතුව පවතින පොදු ලක්ෂනයක් තමා පිටත ලෝකයෙන් ඇතුලට එන දේවල් සම්බන්දව පවතින ඔව්න්ගේ ගුප්ත ෆෝබියාව…

මේ ෆෝබියාවේ මූලය හටගන්නේ ඔවුන් සතුව ඇතැයි කියා ඔවුන් සිතන අරුමවූ ශුද්ද ඉතිහාස උරුමය පිටතින් එන බලවේග විසින් දූෂණය කරනු ඇත්යි කියා ඔවුන් සිතන නිසාය..

අපේ රටේ වික්ටෝරියා, රන්දෙණිගල , කොත්මලේ ,රන්ටැඹේ පංච මහා ජලාශ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කල කාලයේ මේ අය කිව්වේ මේ ජලාශ නිසා අපේ පරිසර පද්දතියේ සමතුලිත උරුමය නැතිවෙන බවය..එසේම මේ ජලාශ නිසා ඉපැරැණි ස්වබාවික ජල උල්පත් සිඳී යන බවද කියවුනි..මේ ව්‍යාපෘති අපේ රටට නොගැලපෙන බවත් නිකරුනේ රට ණයවෙන බවත් පැවසුනි..පෙරකී ගෝත්‍ර ෆෝබියාව නිසාම ඔවුන්ගේ සිත්තුල පහලවෙන් මෙවන් බොහෝමයක් සිතිවිලි හුදු හිතළු පමණක් වන අතර හැත්තෑ හතෙන් පසුව රටේ මහා පරිමාණයෙන් වැඩිවූ විදුලි පරිබෝජනයට අවශ්‍ය විදුලි බලය සැපයූවේද, නව මහවැලි ව්‍යාපෘතිය තුලින් වැඩිවූ ගොවි බිම් වලට ජලය ලැබුනේද පෙරකී ව්‍යාපෘති තුලිනි..

ඇල්ල වැල්ලවාය පාර සෑදූ කාලයේ මොවුන් පැවසුයේ එය රටේ උරුමය කොල්ල කෑමට එන ඇමරිකන් කාරයන්ගේ ගුවන්‍ යානා බැස්ස වීමට නිර්මාණය කෙරෙන රනවේ එකක් බවයි..එසේම එහි එහි ඇමෙරිකානු හමුදා බේස් එකක් නිර්මාණය වන බවද කියවුනි..

කොළඹ වරාය නගරය ඉදිවෙන විට ඔවුන් කිවේ රටේ සමස්ථ කළු ගල් පද්දතියම මේ මුහුද ගොඩ කිරීමේ කාර්‍ය් නිසා නැතිවෙන බවයි..

මෑතකදී ඉදිවෙමින් තිබූ කොළඹ නුවර මාර්ගය මැදට පැමිනි ඔවුන් යෝජිත මාර්ගය මැද තිබූ ප්‍රයෝජනක් නැති ගසක උරුමයක් වෙනුවෙන් පොලොවේ පස් කෑවේය..එහිදී ව්‍යාපෘතියට බාදාකරනු වස් නැටිය හැකි නාඩගම් සියල්ල නැටුවේය..

මේ උරුමයන්ගේ අළුත්ම උරුමය තැපැල් කන්තෝරු උරුමයයි..නමුත් මෙහි ඇති පැටලිල්ල නම් මේ තැපැල් කන්තෝරුව යනු ඔවුන් පවසන ඔවුන්ගේ උරුමය කොල්ල කෑමට පැමිනිය උන්ගේ උරුමයක් වීමයි..

මේ කුළකයට අයත් තවත් කොටසක් සිස්ටම් චේන්ජ් යන හරුපය හැම මොහොතකම දොඩවයි, නමුත් සිස්ටම් එක දසමයකින් හෝ සෙලවෙන විට බියවී පාරට බහින්නේද ඔවුන්මය..

~ ප්‍රියශාන්ත රාජපක්ෂ

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බෝරා ප්‍රජාවේ නායක සහ ජනපති අතර හමුවක්

බෝරා ප්‍රජාවේ අධ්‍යාත්මික නායක ආචාර්ය අතිඋතුම් සෙයියදිනා මුෆද්දල් සෙයිෆුද්දීන්...

ලෝක බලවතා ලෙස ක්‍රියා කිරීම ආරම්භ කරන ලෙස ප්‍රංශ ජනාධ්පතිවරයා යුරෝපයෙන් ඉල්ලයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ප්‍රංශ ජනාධිපති එමානුවෙල්...

රජයේ ඉහළ ආයතනවල මුල් බැසගත් ලොක්කන්ට වෙන්න යනදේ..

රෂිකා හෙන්නායක පෙබරවාරි 10, කොළඹ LNW : අද (10) පැවැති...

ශ්‍රී ලංකාව සහ UAE, ක්‍රීඩාව ගැන අවබෝධතා ගිවිසුමකට එකඟ වෙයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 10, කොළඹ LNW: ඩුබායි හි පැවැති 2026...