විශ්‍රාමිකයන්ට සුබ පණිවුඩයක්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): මෙරට විශ්‍රාමික ජනතාවගේ විශ්‍රාම වැටුප් සංශෝධනය සඳහා ප්‍රතිපාදන වෙන්කර ගැනීමට කැබිනට් පත්‍රිකාවක් සකස් කර ඇති බවත්, ඊට අනුමැතිය ලබාගැනීම සඳහා කටයුතු කරමින් සිටින බවත්, අග්‍රාමාත්‍ය හා රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (08 ) ප්‍රකාශ කළේය.

2015.12.31 ට පෙර සහ 2016.01.01 සිට 2020.01.01 දක්වා විශ්‍රාම ගොස් ඇති සියලුම විශ්‍රාමිකයන් වෙත, විශ්‍රාම වැටුප් සංශෝධනය සඳහා වාර්ෂිකව රුපියල් මිලියන 67,608ක් අවශ්‍ය වන බවද ඔහු පැවසීය.

රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 03/2016 හි විධිවිධාන අනුව විශ්‍රාම වැටුප් සංශෝධනය කිරීම සඳහා අවස්ථා දෙකක දී රජය විසින් උත්සාහ දරනු ලැබුවත් පැවති මූල්‍ය හා ආර්ථික දුෂ්කරතා හමුවේ ඒ සඳහා ප්‍රමාණවත් මුල්‍ය ප්‍රතිපාදන වෙන් කිරීමට නොහැකි වූ අතර, අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පවසන්නේ, රජයේ ප්‍රමුඛතා වෙනස් වීමත්, විශ්‍රාමිකයින් සියලු දෙනාටම ප්‍රමාණවත් සහනයක් ලබාදිය යුතු බවට වූ රාජ්‍ය ප්‍රතිපත්තියත් හේතුවෙන් යම් ප්‍රමාදයක් සිදු වී ඇති නමුත් මඟ හැරීමක් සිදු වී නොමැති බවයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මහනුවර හෙක්ටයාර 3000ක අලුතෙන් වගා කිරීමට සැලසුම්!

කොළඹ LNW:වගා කළ හැකි නමුත් වගාවෙන් තොරව පවතින ඉඩම්...

සංස්ථා ලුණු මිල පහළට!

කොළඹ LNW:ලංකා ලුණු සමාගම විසින් අයඩින් මිශ්‍ර ලක් ලුණු...

දෙස් විදෙස් නිවාඩු තාවකාලිකව අවලංගු වීම ගැන සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දැඩි කතාබහක්!

රෂිකා හෙහෙන්නායක අගෝස්තු 20 කොළඹ LNW: විදේශීය සහ දේශීය නිවාඩු...

සැකපිට අත්අඩංගුවට ගත් යුද හමුදා සෙබලු‍න් සිව්දෙනා ලබන 26 තෙක් රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක අගෝස්තු 20 කොළඹ LNW : පසුගියදා සැකපිට...