අධික වර්ෂාව අතරේ සිදුවන ආපදා පිළිබදව විමසිලිමත් වන ලෙස ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයෙන් ඉල්ලීමක්.

Date:

සටහන -නදීක දයා බණ්ඩාර

මහනුවර (LNW):අධික වර්ෂාව හමුවේ ගස් කඩා වැටීම්, පස් කදු හා ගල් පෙරලීම් ආදී විපත් පිළිබදව විමසිලිමත් විය යුතු යැයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ මහනුවර සහකාර අධ්‍යක්ෂ ඉන්දික රණවීර මහතා මහජනයාගෙන් ඉල්ලා සිටියි.

වැසි තත්ත්වය හේතුවෙන් ස්වාභාවික ආපදා ඉහළ ගොස් ඇති බැවින් මහජන ආරක්ෂාව සඳහා සියලු දෙනා විමසිලිමත් විය යුතු යැයි ද ඒ මහතා කීවේය.

වර්ෂාව හේතුවෙන් ගල් පෙරලීමකින් ගුරුදෙණිය මහ විදුහලේ ප්‍රාථමික අංශ ගොඩනැගිල්ලකට හානි වී තිබේ. ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය හා මහනුවර දිස්ත්‍රික් ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය එම ස්ථානය පරීක්ෂා කොට පාසල් දරු දැරියන් අධ්‍යාපන කටයුතු වෙනුවෙන් වෙනත් ගොඩනැගිල්ලක් වෙත මාරු කොට තිබේ.

අයහපත් කාලගුණය හේතුවෙන් සිදුවූ ආපදා නිසා මහනුවර දිස්ත්‍රික්කයේ පවුල් 23 ක සාමාජික සාමාජිකාවන් 91 ක් මේ වන විට අවතැන් වී සිටිති. අධික වර්ෂාව, දැඩි සුළං හා ගල් පෙරලීමෙන් ආපදා වැඩි ප්‍රමාණයක් වාර්තා වී ඇත.

අධික වර්ෂාව හේතුවෙන් යටිනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට වැඩිම හානි සිදුවී ඇති අතර එම බල ප්‍රදේශයේ පවුල් 06ක පුද්ගලයන් 28 දෙනෙකු අවතැන් වී සිටියි. අධීක වර්ෂාව නිසා උඩුනුවර, පාතහේවාහැට, ගඟවට කොරළය, දොළුව,උඩුදුම්බර සහ තුම්පනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ වලට හානි සිදුවී තිබේ.

අවතැන් වූවන් ඥාතීන්, විහාරස්ථානයක් හා දේවස්ථානයක තාවකාලිකව රඳවා ඇති අතර මහනුවර දිස්ත්‍රික් ලේකම්වරයාගේ උපදෙස් පරිදි ඔවුන්ට අවශ්‍ය පහසුකම් සම්පාදනය කොට ඇතැයි සහකාර අධ්‍යක්ෂ ඉන්දික රණවීර මහතා සඳහන් කරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලොවක් ආදරය කළ විනිසුරු ෆ්‍රෑන්ක් කැප්‍රියෝ සිය අවසන් හුස්ම හෙළයි!

සටහන – පුලී අගෝස්තු 21, කොළඹ (LNW): අග්න්‍යාශ පිළිකාවක් සමඟ දිගුකාලීනව...

ගාසා නගරය අත්පත් කර ගැනීම වෙනුවෙන් ප්‍රහාර ආරම්භ කළ බව ඊශ්‍රායල හමුදාව කියයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 21: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ගාසා නගරය මුළුමනින්ම...

කොයි අතට පෙරළෙයිද? සනත් – මාලිංග කල්පනාවෙන්

සටහන – නිශ්මං රණසිංහ  අගෝස්තු 21, කොළඹ LNW: සිම්බාබ්වේ සංචාරය...

රටට බරක් නොවන ක්‍රිකට් කරන වැඩ ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් ගමන් මඟ වැඩ සටහනේ දී සුජීව පෙන්වා දෙයි.

සටහන – නිශ්මං රණසිංහ  අගෝස්තු 21, කොළඹ LNW:“ශ්‍රී ලංකා ක්‍රිකට්...