මේ පාරත් පරණ පාරේම තමයි – අනුර

Date:

කොළඹ LNW :ජනාධිපතිවරයා විසින් ඊයේ (13) දින ඉදිරිපත් කළ අයවැය ලේඛනය යනු පැරණි අසාර්ථක ගමනේම දිගුවක් බව ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා සඳහන් කරයි

රට තුළ ඇති වී තිබෙන ගැඹුරු ආර්ථික අර්බුදයන්ට එහි විසඳුම් නැති බවයි දිසානායක මහතා පවසන්නේ.

“ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සමස්ත අයවැය යෝජනා සමන්විත වී තිබෙන්නේ ණය ගැනීම විකිණීම කියන මාවතේම තමයි. ඒ නිසා රට තුළ ඇතිවී තිබෙන ගැඹුරු ආර්ථික අර්බුදයන්ට ස්ථිරසාර විසඳුම් ලබා දෙනවා වෙනුවට පැරණි අසාර්ථක ගමනේම නැවත අපේ රටත් අපේ රටේ ආර්ථිකයත් තල්ලු කිරීම, මෙහෙයවීම බවට ඔහුගේ ආර්ථික වැඩ පිළිවෙල වී තිබෙන බවයි අපට මෙම අයවැය ලේඛනයෙන් පෙන්නුම් කරන්නේ. ඔහු විසර්ජන පනතේ ඉදිරිපත් කරනවා බිලියන තුන් දහස් නමසීයක් ණය ගැනීමට අපේක්ෂා කිරීම. ඔහු අයවැය යෝජනාවෙන් ඉදිරිපත් කරනවා තවත් බිලියන තුන්දහස් හාරසියයකින් ණය ගැනීමේ සීමාව වැඩි කරන්න කියලා.” යනුවෙන් මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වෙළදපොලේ උඩරට එළවලු මිළට වූ දේ!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 19, කොළඹ LNW : සීදුවූ ආපදාවත් සමග...

නුවර මිනිස්සුන්ට රෙදි විසික්කරන්න ගිය SJB සුජීවට මන්ත්‍රී තනුර ලුණු ඇඹුල් ඇතුව අමතයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: අයහපත් කාලගුණය හේතුවෙන් ආපදාවට පත් මහනුවර...

ජපානයේ කාන්තාවක් මානව සහකරුවෙකු වෙනුවට ChatGPT කෘතීම සහකරුවෙකු සහේට ගනී!

සටහන – පුලී දෙසැම්බර් 19, කොළඹ (LNW):  කෘත්‍රිම බුද්ධියේ ආචාර...

ශ්‍රී ලංකා රජය IMF වෙතින් කළ ඉල්ලීමට ප්‍රතිචාර කෙබඳුද?

රෂිකා හෙන්නායක දෙසැම්බර් 19, කොළඹ LNW : දිට්වා' සුළි කුණාටුවෙන්...