Update: බෙලරුස් රාජ්‍යය රුසියාවේ සහායට

0
1043

බෙලරුස් ජනපති ඇලෙක්සැන්ඩර් ලුකෂෙන්කෝ සිය හමුදා නායකයන් සමග විශේෂ සාකච්ඡාවක් කැඳවයි.රුසියානු හමුදා අද උදෑසන යුක්රේනයට ඇතුළු වූයේ බෙලරුස් දේශසීමාව හරහා ය.

බෙලරුස් රාජ්‍යය සහ රුසියාව අතර කලෙක පටන් සමීප යුධමය සම්බන්ධතාවයක් පවතියි.

යුධමය ආක්‍රමණයට පෙර ද පුටින්, ලුකෂෙන්කෝ සමග යුක්රේනයේ තත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් අද උදෑසන පවත්වා ඇති බව වාර්තා වේ.

ලුකෂෙන්කෝ, ජාත්‍යන්තර මාධ්‍ය විසින් හඳුන්වන්නේ ‘බෙලරුස් හි ඒකාධිපතියා’ යනුවෙනි.

බෙලරුස් දේශසීමාව හරහා දිශා ගණනාවකින් රුසියානු හමුදා වාහන යුක්රේනය වෙතට ඇතුල් වී ඇති අතර, මේ වන විට යුක්රේනයේ කිව් අගනුවර ඇතුළු නගර ගණනාවකින් පිපිරීම් වාර්තා වෙමින් තිබේ.

AMALI JAYAWEERA OUTBOUNDTODAY

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here