බුද්ධිමත් ව්‍යවසායකයිනි DIGIECON 2030 සමඟ එක්ව රටේ ආර්ථිකයට ශක්තියක් වන්න – තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ගෝලීය ව්‍යවසායකත්ව සතිය නිල වශයෙන් ආරම්භ කිරීමේ අවස්ථාවට එක් වෙමින් තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා විශේෂ ප්‍රකාශයක් කළේය.

ඔහු එහිදී පැවසූවේ, DIGIECON 2030 වැඩසටහන සමඟ එක්ව රටේ ආර්ථිකයට ශක්තියක් වී රට වෙනුවෙන් තම යුතුකම ඉටු කරන ලෙස බුද්ධි ගලනයත් සමඟ රට හැර යන තරුණ තරුණියන් ගෙන් සහ ව්‍යවසායකයින් ගෙන් ඉල්ලා සිටින බවයි.

රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, DIGIECON වැඩසටහන යටතේ ව්‍යවසායකයන් වෙනුවෙන් වඩාත් හිතකර පරිසරයක් නිර්මාණය කරමින් ඩිජිටල් ආර්ථිකයක් ගොඩ නැගීමට කටයුතු කරන බවයි.

This image has an empty alt attribute; its file name is 1696929255876.jpeg

නොවැම්බර් 13 වැනිදා සිට සතියක් පුරා “Entrepreneurs Thrive Here” යන ‍තේමාව යටතේ රටවල් 200කට වැඩි සංඛ්‍යාවක් ගෝලීය ව්‍යවසායකත්ව සතිය සමරනු ලබන අතර, මෙම සතිය පුරා දිවයිනේ ස්ථාන ගණනාවක දී අදාළ ක්ෂේත්‍රයේ ආයතන, සංවිධාන, සමාගම් සහ පුද්ගලයින්ගේ සහභාගිත්වයෙන් ව්‍යවසායකත්ව, නවෝත්පාදන, ආරම්භක ව්‍යාපාර ආර්ථික පද්ධති, අධ්‍යාපන, ඩිජිටල් අන්තර්කරණ සහ ප්‍රතිපත්ති යන අංශ යටතේ සමුළු, සම්මන්ත්‍රණ, වැඩමුළු, සාකච්ඡා, දැනුවත් කිරීම් ඇතුළු ක්‍රියාකාරකම් රැසක් සංවිධානය කර තිබේ. දේශීය ව්‍යවසායකයින්, ආයෝජකයින්,පර්යේෂකයන් සහ ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් අතර සහයෝගීතාව හා සම්බන්ධතා ශක්තිමත් කරමින් රට පුරා විවිධ කර්මාන්තයන්හි යෙදී සිටින නව්‍ය ව්‍යවසායකයින් ඇගයීම හා සවිබල ගැන්වීම ද මෙහි දී සිදු කෙරේ.

ඒ අනුව ගෝලීය ව්‍යවසායකත්ව සතිය තුළ මෙරට හවුල්කරුවන් 60කට වැඩි ප්‍රමාණයක් විවිධ ක්‍රියාන්විතයන් 100කට වැඩි සංඛ්‍යාවක් ලියාපදිංචි කර ඇති බවද සඳහන් වේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් රිය අනතුරකින් තුවාල ලබයි

සටහන - රුවන් නෙළුගොල්ල ඉලංගෛ තමිල් අරසු කච්චි (ITAK) පක්ෂයේ...

අදත් බැකෝ සමන්ගේ ගෝලයකු ආයුධත් සමඟ අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 14 කොළඹ LNW : සංවිධානාත්මක අපරාධකරුවෙකු වන...

අවුරුදු 16ට අඩු දරුවන්ට ශක්තිජනක පාන වර්ග තහනම් කිරීමට එංගලන්තය සැරසේ….

එංගලන්තයේ වෙසෙන අවුරුදු 16ට අඩු දරුවන්ට රෙඩ් බුල්, මොන්ස්ටර්...

ඊශ්‍රායලයේ දෝහා ප්‍රහාරයෙන් පසු කටාර්හි අරාබි-ඉස්ලාමීය සමුළුව සඳහා නායකයින් රැස්වෙති!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 14, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): පසුගිය සතියේ දෝහා...