රනිත්මා විසල් බැරියරයක් පෙරළයි

Date:

සටහන – නිශ්මං රණසිංහ

කොළඹ (LNW): බහරේනයේ පැවත්වෙන බහරේන් ජාත්‍යන්තර බැඩ්මින්ටන් තරගාවලිය නියෝජනය කරන රනිත්මා ලියනගේ අර්ධ අවසන් පූර්ව වටයට පිවිසෙමින් සුවිශාල ජයග්‍රහණයක් ලබන්නට සමත් වූවාය.ඇය ලෝක ශ්‍රේණිගත කිරීම්වල අංක හතළිස් හතරට සිටින එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මයිෂා ඔමාර් ඛාන් පරාජය කරමින් ලකුණු 21 – 16,21 – 14 ක් ලෙස ජය ලබන්නට සමත් වූවා ය.මේ වන විට ශ්‍රේණිගත කිරීම්වල 323 වන තැන රැදී සිටින රනිත්මා මේ වන විට ජාත්‍යන්තර පිටියේ පෙරළිකාර ක්‍රීඩිකාවක ලෙස අවධානයට පාත්‍ර වෙමින් සිටින අතර ඇය මයිෂා ට එරෙහි ලැබූ මෙම ජයග්‍රහණය ශ්‍රේණිගත කිරීම්වල සිටන ඉහළම ක්‍රීඩිකාවක් අභිබවා ගිය පළමු මොහොත ලෙස සැළකිය හැකිය.

රනිත්මා ගේ බැඩ්මින්ටන් ජීවිතයේ අනාගතයට ඉතා වැදගත් පිම්මක් ලෙස මේ ජයග්‍රහණය හැදින්විය හැකි වන්නේ ඇයට ඉදිරියෙන් ලෝකය පිළිගන්නා ක්‍රීඩිකාවක පරාජය කිරීමෙන් මානසිකව ඇයට ලැබෙන ශක්තිය නිසාය.එය විශාල බාධකයක් මැඩලූ අවස්ථාවක් ලෙස ඇයගේ මානසිකත්වයට එකතු කරන විශ්වසනීයත්වය ඉදිරි ගමනට බෙහෙවින් වැදගත් වනු ඇත.මේ ජයග්‍රහණයෙන් පසු ඊ ළඟ තරගයේදී මුණ ගැසෙන චීනයේ චෙන් ලූ ද සිට්න්නේ රනිත්මාට වඩා ඉදිරි ශ්‍රේණියක වන අතර 81 වන ස්ථානයේ සිටින චෙන් ට එරෙහිව සටන් වඳින්නට රනිත්මාට මයිෂාට එරෙහි තරගය විශාල උත්තේජනයක් වනු නිසැකය.

විරේන් නෙත්තසිංහ මෙම තරගාවලියේ ජයග්‍රාහී බලාපොරොත්තුවක් ලෙස අංක එකට තරග සැළසුමේ රැදී සිටියත්,මහා බැඩ්මින්ටන් සංස්කෘතියක් සහිත ඉන්දියාවෙන් මතු ව ආ සිද්ධාර්ත් ප්‍රදීප් සිං අතින් අනපේක්ෂිත පරාජයකට ලක් විය.ලකුණු 21 -17,16 -21 සහ 21 – 13 ක් ලෙස සිද්ධාර්ත් එම තරගය ජය ගැනීමට සමත් විණි.

ශ්‍රී ලංකාවේ බුවනෙක ගුණතිලක ජයග්‍රහණ අතරට එමින් ඉක්කා හීනෝ පරාජයට පත් කරමින් ඉදිරියට එන්නට සමත් වුණේ තියුණ තරගයකින් පසුවය.ඔහු ලකුණු 21 – 10,19 – 21 සහ 21 – 18 ක් ලෙස ඉක්කා හීනෝ අභිබවා එම තරගයෙන් පෙරමුණ ගැනීමට සමත් විය.

ශ්‍රී ලංකාව නියෝජනය කළ ආශිංෂ හේරත්ගේ ගමනට විලංගු යෙදුවේ ඕස්ට්‍රේලියාවේ ජාකොබ් ෂෙචුලර් ය.ඔහු ආශිංෂ ට එරෙහිව ලකුණු 18 – 21,22 – 20 සහ 21 – 16 ක් ලෙස සිය ජයග්‍රහණය සටහන් කර ගත්තේ දැඩි තරගයකින් අනතුරුවය.ආශිංෂ මෙහිදී මෙම තරගාවලිය ආශ්‍රිතව අංක 5 ට නම් කර සිටින ජාකොබ් ඉදිරියේ ප්‍රදර්ශනය කළ තරගාකාරීත්වය ඉතා ඉහළ මට්ටමක පැවතිණ.

ඉන්දුනිසියාවේ ශාකි උබයිදුල්ලාහ් හමුවේ පරාජයට පත් වූ ශ්‍රී ලංකාවේ දුමිඳු අබේවික්‍රම ද සිය තරගය පරාජයට පත් වුව ද,තියුණු තරගයක් ලබා දෙන්නට සමත් විය.ලකුණු 19 – 21 ක් ලෙස පළමු වටය දුමිදු ජය ගන්නට සමත් වුව ද,ඉතිරි වට දෙක උබයිදුල්ලාහ් ලකුණු 21 – 8 සහ 21 0 13 ලෙස දුමිදුව අභිබවා යමින් තරගයේ පෙරමුණ ගන්නට සමත් විය.

අද දවස කාර්යබහුල දවසක් වන්නේ ශ්‍රී ලංකාවේ බුවනෙක ගුණතිලකටය.ඔහු ඉන්දියාවේ සමර්විර් සමඟ ඒකල තරගයේදී තරග වදින්නට නියමිත අතර පිරිමි යුගල අංශයෙන් විරේන් නෙත්තසිංහ සමඟ එක්ව පින්ලන්තයේ ඉක්කා හීනෝ සහ රොබින් ජනිටි ඉදිරියේ පෙනී සිටින්නට නියමිතය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි!

සටහන - පුලී ජූනි 30, කොළඹ (LNW): කොළඹ පෞද්ගලික රෝහලක...

පලස්තීනයේ නිදහස පතා යුද විරෝධී පාගමනක් කොළඹදී! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අදත් (30) කොළඹදී විරෝධතාවක් පැවැත්විය.පලස්තීන...

කොළඹ කොටස් වෙළෙඳපොළ නව වාර්තාවක් තබයි!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : අද (30) දින...

යුරෝපයේ පවතින උෂ්ණාධික කාලගුණික තත්වය හේතුවෙන් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කෙරේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 30; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපයට බලපා ඇති...