විපක්ෂ නායකටත් තහනම් කෝප් කමිටුවට රංජිත් බණ්ඩාරගේ පුතා ඇවිත් – සජිත්ගෙන් කෝප් සභාපතිට චෝදනා පත්‍රයක්

Date:

කෝප් කමිටුවේ සභාපති වන මහාචාර්ය රංජිත් බණ්ඩාර මන්ත්‍රීවරයා කැන්ඩි ක්‍රිකට් කැම්පස් ව්‍යාපෘතියේ උපදේශකවරයකු ලෙස කටයුතු කර ඇති බැවින්, ලැබැදියාව අතර ගැටුම් කියන තත්ත්වය මත මොහු තවදුරටත් කෝප් කමිටුවේ සභාපතිවරයා ලෙසත්, ශ්‍රී ලංකා ක්‍රිකට් පිළිබඳ තොරතුරු විමසීම්වල සභාපතිවරයා ලෙසත් මෙවැනි ගැටුමක් තිබිය දී එය හෙළිදරව් නොකර කෝප් කමිටුවේ සභාපතිවරයා ලෙසත් කටයුතු කිරීම සිදු කල හැකිද කියා ගැටලුවක් පවතින බවත් විපක්ෂ නායකවරයා පවසා සිටියේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් හි බ්‍රේන් සෙන්ටර් එකක් හදන වැඩසටහනට බිස්නස් මැන්ජේමන්ට් ස්කූල් ඔෆ් කලම්බෝ ආයතනය, උපදේශක ආයතනයක් ලෙස පත් කළ යුතු බවට සදහන්ව ඇති බවත්, එම ආයතනයේ ප්‍රධාන නිලධාරියා වන්නේද මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා බවත් , මෙය බරපතල ගැටලුවක් බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුනි.

ඕනෑම ප්‍රජාතන්ත්‍රවාදී රටක පාර්ලිමේන්තුවක ලැබැදියාව අතර ගැටුම් සම්බන්ධයෙන් ද පැහැදිලි කිරිමක් ඇති බවත් මෙවැනි ගැටුමක් ඇති විට පාර්ලිමේන්තුවේ කමිටුවල තනතුරු හෙබවිය නොහැකි බවත්, එසේ තිබියදී මොහු කෝප් කමිටුවේ සභාපති වූයේ කෙසේද කියා ගැටලු සහගත බවත් විපක්ෂ නායකවරයා කියා සිටියේ ය.

එසේ ම තමා පෞද්ගලික දේවල් සම්බන්ධයෙන් කතා කිරීමට අකැමැති වුවත්, රාජ්‍ය මුදල් කාරක සභාවට විපක්ෂ නායකවරයාට කතා කල නොහැකි ලෙස ඡන්දයක් අරන් කට වැහුවත් , මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතාගේ පුතා වන කණිෂ්ක බණ්ඩාර මහතා කෝප් කමිටුවේ වාඩිවී ඇති බවත්, එමගින් තමාගේ වරප්‍රසාද උල්ලංඝනය වී ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ඔහු කෝප් කමිටුවට එනතුරු පාර්ලිමේන්තුවේ බලධාරීන් ගත් ක්‍රියාමාර්ග කවරේද කියා ප්‍රශ්න කර සිටි විපක්ෂ නායකවරයා කියා සිටියේ, විපක්ෂ නායකවරයාටවත් කෝප් කමිටුවේ වාඩි විය නොහැකි ලෙස තහනම් කරත් පාර්ලිමේන්තු නිලධාරියකු නොවන මේ පුද්ගලයා එහි වාඩි වූයේ කෙසේද කියා ගැටලු සහගත බවය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද (16) පාර්ලිමේන්තුවේ දී කෝප් කමිටුවේ ක්‍රියාමාර්ග ගැන ප්‍රශ්න කරමිනි.

එම නිසා මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතාට කෝප් කමිටුවේ සභාපති වෙන්න සදාචාර අයිතියක් නොමැති බවත් ,මෙවැනි විහිලු සහගත ක්‍රියා සිදු නොකරන ලෙසත්, මේ සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් අවශ්‍ය බවත් විපක්ෂ නායකවරයා අවසානයේ කියා සිටියේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යුද්ධමය තත්ත්වය හමුවේ ආනයනය කරන ඉන්ධනවල මිල ගණන්වලට කුමක් වේවිද?

රෂිකා හෙන්නායක ජූනි 22, කොළඹ LNW : ඊශ්‍රායල සහ ඉරාන...

තායිලන්තයේ දවසේ අස්වැන්න රන් දෙකයි රිදී එකයි – මධුෂානිගෙන් හොඳම දක්ෂතාවය

නිශ්මං රණසිංහ ජුනි 22, කොළඹ LNW: තායිලන්ත තාමාසාට් සරසවි ක්‍රීඩාංගණය...

ඇමෙරිකාවෙන් ඉරාන න්‍යෂ්ටික මධ්‍යස්ථාන වලට ප්‍රහාර.!

අශෝක ජයතුංග ජූනි 22 වොෂින්ටන් LNW : 🍎ඇමෙරිකාව ඇතුලෙන්ම ඊට විරෝධය...

ජනතාවගේ ජනවරම අවජාතක කළා නම් සුජාත පුත්තු උපදිනවා කියලා හිතන්න එපා – ඇමති TB

ජාතික ජන බලවේගය ප්‍රාදේශීය සභාවල බලය පිහිටුවා ඇත්තේ පොහොට්ටුව,...