*
Sunday, May 5, 2024
spot_img

Latest Posts

හොර ඉමියුනෝග්ලොබියුලින් ගනුදෙනුවේ මහ මොළකරු ඉන්නේ කැබිනට්ටුවේ – රවී කුමුදේශ්

හොර ඉමියුනෝග්ලොබියුලින් ගණුදෙණුවේ මහ මොළකරු ඉන්නේ කැබිනට්ටුවේ බවත් හැකිනම් අත් අඩංගුවට ගන්නා ලෙසත් සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය විසින් ජනාධිපතිවරයාට අභියෝග කර සිටී.

ඒ පිලිබඳ සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා ඒ පිළිබඳ මෙසේ පැහැදිළි කර ඇත.

හොර ඉමියුනෝග්ලොබියුලින් ගෙන්වීමේ මහ මොළකරුවන් ඉන්නේ කැබිනට්ටුවේ බවත්, හැකිනම් ඔවුන්ව අත් අඩංගුවට ගෙන පෙන්වන ලෙසත්, ඉමියුනෝග්ලොබියුලින් පිලිබඳ නඩුවේදී විත්තිකාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතිඥයා ඊයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට අභියෝග කලේය. ඔහු අශිෂ්ඨ හොරෙකු බේරා ගැනීමට ඉදිරිපත් වී ඇති නීතිඥයෙකු වුවද, එම අභියෝගය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ට කෙසේ වෙතත්, ජනාධිපතිවරයාට මග හැරිය නොහැකිය. ලේකම්වරුන්ට තර්ජනය කරමින් අත්සන් ලබා ගන්නා ක්‍රමයන් සෞඛ්‍ය සේවාව තුල සාමාන්‍ය තත්වයක් වීම සහ කිසිදු තීරණයක් සඳහා ඇමතිවරයෙකුගේ අත්සනක් අවශ්‍ය නොවන බව ජනාධිපතිවරයා හොඳින්ම දන්නා බැවින්, එය ඔහුට අමුතුවෙන් පැහැදිළි කිරීමේ අවශ්‍යතාවයක් නැත. එසේම මේ සම්භන්ධයෙන් බලපෑම් කල අයගේ නම් අතර ජනාධිපති ලේකම් කාර්යාලයේ දෙදෙනෙකු පිළිබඳවද සඳහන් වන බැවින්, ඒ පිළිබඳව ජනාධිපතිවරයාගේ අවධානය ඉතා වැදගත් වේ. එම බලපෑම් කළ අයගේ සියළු නම් ගම් හෙලිදරව් කිරීම පව් සෝදා ගැනීම සඳහා සෞඛ්‍ය ලේකම්වරයාට මේ මොහොතේ පැවරී ඇති යුතුකමක් වන අතර, හොරු ඇල්ලීමට වඩා ජරා ජීර්ණ වී ඇති සෞඛ්‍ය ප්‍රසම්පාදන ක්‍රමය හෙලිදරව් කර ගැනීම සඳාහා වුමණාවක් ඇති ඕනෑම පාර්ශවයක්, මෙම ඉමියුනෝග්ලොබියුලින් විමර්ෂණය සඳහා පූර්ණ සහයෝගය ලබා දිය යුතුය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව , හොර ඉමියුනෝග්ලොබියුලින් ගණුදෙණුව යට ගැහුවොත්, ඉදිරියේදී සෞඛ්‍ය සේවාවට හොර ඖෂධ විතරක්ම එන එක නවත්වන්න බැරිවේව්

සෞඛ්‍ය සේවාවේ ප්‍රසම්පාදන ක්‍රමවේදය භාවිතා කරමින් සොරකම් කිරීම, උපරිම සීමාවට ගොස් ඇති මොහොතක තාක්ෂණික වශයෙන් කොටු කර ගත හැකි තත්වයකට නිරාවරණයකට වූ ඉමියුනෝග්ලොබියුලින් ගණුදෙණුව ට අදාල සැබෑ වැරදිකරුවන්ට සඳහා සැලකිය යුතු දඬුවමක් ලැබීම සෞඛ්‍ය සේවයේ ඉදිරි හොරකම් වැලැක්වීම සඳහා අත්‍යාවශ්‍යය. තාක්ෂණික ඇගයුම් සහ ප්‍රසම්පාදනවලදී සතුටට ලබා දෙන සන්තෝසම් මගින් ඇරඹි එම තාක්ෂණික හොරකම් කලාව, ඇගයීම් විශේෂඥයින් සමග එකතුවී විශාල ලාභාංශ තබමින් ඒවා බෙදා ගන්නා තත්වයට වර්ධනය විය. කෙසේ නමුත් කිසියම් ඖෂධයක් හෝ සැපයුමක් නිවැරදිව ලබා දෙමින් ලාභ ලාබා ගන්නා එම ක්‍රමය, බාල බඩු, බාල ඖෂධ දක්වා වර්ධනය වී, අවසානයේදී ඉමියුනෝග්ලොබියුලින් ලෙස සේලයින් විකුණන තත්වයට වර්ධනය විය.

කෙසේ නමුත්, මෙවන් තාක්ෂණික හොරකම් විශාල ප්‍රමාණයක්, තාක්ෂණිකවම යට ගසාගන්නා හෝ සෞඛ්‍ය විශේෂඥතාවයන් මගින් විමර්ෂකයින් දැණුමෙන් බිය වැද්දීම සාමාන්‍ය තත්වයක්ව පැවතියදී, සාක්ෂි සාධක සහිතව නිරාවරණය වූ ඉමියුනෝග්ලොබියුලින් ගණුදෙණුවේ වගකිවයුත්තන්ට දඬුවමක් නොලැබීම හෝ සැබෑ වග කිවයුත්තන් නිදහසේ සිටීම හරහා, එකී හොරුන්ට තීබූ එකම බියෙන්ද ඔවුන් නිදහස් වීම නොවැලැක්විය හැකිය. එනයින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උර මත සෞඛ්‍ය සේවාවේ අනාගතය තබා ඇති බව සිහි තබා ගනිමින් මෙම විමර්ෂණය කල යුතුය. එසේම ඔවුන් ඊට අසමත් වුවහොත් තාක්ෂණික සොරුන්ගේ එකම බියෙන්ද ඔවුන් නිදහස් වී, ඉමියුනෝග්ලොබියුලින් න්‍යාය සෑම ඖෂධයක් සඳහාම අත් හදා බැලෙනු ඇත.

ව්‍යාජ WOR සහතිකයක් පෙන්වා තවත් පිළිකා එන්නතක්! එන්නත් 2000ක් රෝගීන්ට ලබා දීලත් ඉවරයි

රිටුක්සිමැප් නැමති පිළිකා ප්‍රතිකාර සඳහා භාවිතාවන එන්නතක්ද, ව්‍යාජ WOR හෙවත් ඖෂධ අධිකාරියේ ලියාපදිංචියෙන් තොරව ගෙන ඒමේ ලිපියක් මගින් ගෙන්වා සෞඛ්‍ය අමාත්‍යාංශයට ලබා දී ඇති බව වාර්ථාවේ. හොර ඉමියුනෝග්ලොබියුලින් ගෙන්වූ සමාගම විසින්ම ගෙන්වා ඇති මෙම ඖෂධය එන්නත් 2200ක් සෞඛ්‍ය අමාත්‍යාංශය මිලදී ගෙන ඇති අතර, එම ප්‍රමාණයෙන් 2000කට වැඩි ප්‍රමාණයක් රෝගීන් සඳහා භාවිකොට අවසන් වී ඇත. එක් එන්නත් මාත්‍රාවක් ඇමරිකානු ඩොලර් 152/-කට මිලදී ගෙන ඇති අතර සම්පූර්ණ තොගය සඳහා “මිලියන සියයකට වැඩි මුදලක්” සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් වැයකොට ඇත.

රවී කුමුදේශ්
සභාපති
සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan