ප්‍රමෝද්‍යගේ නිවේදනය ගැන විධිමත් පරීක්ෂණයක් කරන්න – ඇමති රොෂාන්

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): පසුගිය 13වන දින ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයේ ඇතුළත් කරුණු සම්බන්ධයෙන් වහාම විධිමත් පරීක්ෂණයක් පැවැත්වීමට කටයුතු කරන ලෙසට, ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැලැක්වීමේ විශේෂ විමර්ශණ ඒකකය වෙත, ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා උපදෙස් ලබා දී ඇති බව වාර්තා වේ.

2019 අංක 24 දරන ක්‍රීඩාවට සම්බන්ධ වැරදි වැලැක්වීමේ පනත යටතේ ගැනෙන වැරදි වන, තරග පාවාදීම, දූෂණය, නීති විරෝධී මෙහෙයවීම සහ නීති විරෝධී ඔට්ටු ඇල්ලීම සම්බන්ධිත කාරණා පිළිබදව තොරතුරු ඔහු දන්නා බව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ප්‍රමොද්‍ය වික්‍රමසිංහ මහතා විසින් පසුගියදා දැනුම් දෙනු ලැබීය.

එම ප්‍රකාශය ඔහු දරන ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති යන තනතුර මත බරපතල ප්‍රකාශයන් වන බැවින්, ඒ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පැවැත්වීමට කඩිනමින් පියවර ගත යුතු බවට, අමාත්‍යවරයා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොළඹ වරාය සහ කොළඹ නගරයම අවධානමක – NPP ආණ්ඩුව ඉන්දියාව එකක් ජනතා විරෝධී ගිවිසුමක් අත්සන් කරලා! (VIDEO)

කොළඹ LNW:කොළඹ ඩොක්යාඩ් සමාගමේ 51%ක අයිතිය ඉන්දියාවේ පැසගන් ෂිප්ඩොක්...

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර CID අධ්‍යක්ෂවරයා ලෙස පත්වෙයි!

රෂිකා හෙන්නායක ජූනි 28, කොළඹ LNW : ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී...

‘Dream Destination’ දුම්රිය ස්ථාන 100ක් නවීකරණය කිරීමේ ව්‍යාපෘතිය නිළවශයෙන් ඇරඹෙයි!

රෂිකා හෙන්නායක ජූනි 28, කොළඹ LNW : ජනාධිපති අනුර කුමාර...