එයාලට දඩුවම් නොදී කොහොමද ? – එස්.එම්. මරික්කාර්

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): වර්තමානය වනවිට මෙරට දරුවන් මාරුවේන් මාරුවට පාසල් යන තත්ත්වයට පත්ව ඇති බවත්, අවශ්‍ය පොත්පත් මිළදි ගැනීමට තරම්වත් වත්කමක් නොමැති බව එස්.එම්. මරික්කාර් මන්ත්‍රීවරයා කියා සිටී.

නොවැම්බර් මාසය වනවිට ලංකාවේ මිනිස්සුන්ගේ නිවෙස් ලක්ෂ හයක විදුලිය විසන්ධි කර ඇති බවත් , දරිද්‍රතා ලේඛනයේ පවුල් ලක්ෂ 40 සිටි ප්‍රමාණය මේ වනවිට ලක්ෂ 70 ට වැඩි වී ඇති බවද, මරික්කාර් මහතා පවසයි.

ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී අදහස් දැක්වූ එස්.එම්. මරික්කාර් මන්ත්‍රීවරයා ,

මේ රට බංකොලොත් කළේ රාජපක්ෂලා සහ ඔවුන්ගේ සැලසුම් කියලා මේ රටේ උත්තරිතර ශ්‍රේෂ්ඨාධිකරණය තින්දුවක් දුන්නා. ගෝඨාභය රජපක්ෂ විනාශ වුනේ බදු සහන දුන්න නිසාලු. ගෝඨාභය බදු සහන කියලා කරේ ඔහුගේ ගජ මිතුරන්ට දෝල පිදේනි දිපු එක. ඇන්ටිජන් මාපියාව වෙන්න පුලුවන් , ඖෂධ මාෆියාව වෙන්න පුලුවන්, කොරන්ටින් මාෆියාව වෙන්න පුලුවන් , 30 % බදු අධායම අඩු කරලා. අවුරුද්දට රජයේ ආධායම රුපියල් බිලියන හයදස් අටසියට අඩු කරලා තමයි බංකොලොත් කරේ.

එයාලට දඩුවම් නොදී කොහොමද ? අධිකරණ අමාත්‍යවරයෙක් ඉන්නවා. මම දන්නේ නෑ නීතිය මොකක්ද කියලා . හැබැයි මේ අයට අපරාධ නඩු දලා ඔවුන්ගේ සිවිල් අයිකිවාසිකම් නැති කරන්න ඕන. ලක්ෂ දෙසිය විස්සක පුරවැසියන්ව නන්නත්තාර කරලා, රට බංකොලොත් කෙරුවේ මෙයාල.

මම කොළඹ නගරයේ මන්ත්‍රී කෙනෙක් විදිහට දන්නවා අද වෙනකොට වේල් තුනක් කාපු මිනිස්සු කන්නේ වේල් දෙකයි. වේල් දෙකක් කාපු මිනිස්සු එක වේලයි. එක වේලක් කාපු මිනිස්සු ලෙවකන තත්වෙකට මේ වනවිට පත් වෙලා තියෙන්නේ.. ළමයි මාරුවේන් මාරුවට පාසල් යන්නේ. ළමයින්ට පාසල් යන්න විදිහක් නෑ. අවශ්‍ය පොත්පත් මිළදි ගන්න විදිහක් නෑ . මේ මාසේ වෙනකොට ලංකාවේ මිනිස්සුන්ගේ ගෙවල් ලක්ෂ හයක කරන්ට් කපලා. දරිද්‍රතා ලේඛනයේ පවුල් ලක්ෂ 40 හිටියේ . මේ වෙනකොට මේගොල්ලෝන්ගේ ආර්ථික දැක්ම හමුවේ ඒ සංඛ්‍යාව ලක්ෂ 70 ට වැඩි වෙලා තියෙනවා” ලෙස හෙතෙම පැවසීය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Rank Container Terminal (Pvt) Ltd සහ Senura Civil Engineering (Pvt) Ltd වෙතින් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රුපියල් මිලියන 50ක පරිත්‍යාගයක්

දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවගේ ජන ජීවිතය මෙන්ම...

José Antonio චිලී ජනාධිපති ධුරයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): José Antonio...

ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස් වෙයි!

අද (15) පෙරවරුවේ ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික...

දේශීය අදායම් දෙපාර්තමේන්තුව ඉලක්කය අභිබවා බදු ආදායම් උපයයි!

ආශික බ්‍රාහ්මණ කොළඹ LNW:දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සිය ආදායම් ඉලක්ක ඉක්මවා...