දයාසිරිගේ ඉල්ලීමක් අධිකරණය ප්‍රතික්ෂේප කරයි !

තමන්ව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් ධුරයෙන් ඉවත් කිරීමට සහ තමන්ගෙන් නිදහසට කරුණු විමසීමට ශ්‍රීලනිපය ගෙන ඇති තීරණ අත්හිටුවීමේ නියෝගයක් නිකුත් කරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා කර ඇති ඉල්ලීම බස්නාහිර පළාත් සිවිල් අභියාචනා මහාධිකරණය අද (17) ප්‍රතික්ෂේප කළේය.

ඒ, දයාසිරි ජයසේකර මහතා ගොනුකර තිබුණු නඩුවක තීන්දුව ප්‍රකාශයට පත්කරමිනි.

බස්නාහිර පළාත් සිවිල් අභියාචනා මහාධිකරණ විනිසුරුවරුන් වන ප්‍රියන්ත ප්‍රනාන්දු සහ ෆ්රෑන්ක් ගුණවර්ධන විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත්කරන ලදී.

තමන්ව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් ධුරයෙන් ඉවත් කිරීමට සහ තමන්ගෙන් නිදහසට කරුණු විමසීමට ශ්‍රීලනිපය ගෙන ඇති තීරණ අත්හිටුවීමේ නියෝගයක් නිකුත් කරන ලෙස දයාසිරි ජයසේකර මහතා මුලින්ම කොළඹ දිසා අධිකරණය හමුවේ නඩුවක් ගොනුකර තිබුණු නමුත් එම අධිකරණය එසේ නියෝගයක් නිකුත් කිරීම ප්‍රතික්ෂේප කර තිබිණි.

ඒ අනුව, කොළඹ දිසා අධිකරණයේ තීන්දුව අභියෝගයට ලක් කරමින් ඒ මහතා විසින් බස්නාහිර පළාත් සිවිල් අභියාචනා මහාධිකරණය හමුවේ නඩුවක් ගොනුකර තිබුණු අතර අද ප්‍රකාශයට පත්කෙරුණේ එහි තීන්දුවයි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉතිහාසයේ අදවන් දිනෙක; ලොවම මවිත කළ බොක්සිං සටන!

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 30 ; ප්‍රබල...

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ නව සභාපති සහ සාමාජිකයන් පත් කෙරේ!

කොළඹ LNW:ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ශ්‍රී ලංකා...

ඉන්දුනීසියාවේ ලැව්ගිනි දුමාරය හේතුවෙන් සැප්තැම්බර් මාසයේ පමණක් මියගිය සංඛ්‍යාව 3500 ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 30 ; ඉන්දුනීසියාවේ...

2027 ඩාකාර් රැළිය පෘතුගාලයේ සහ මොරොක්කෝවේ පැවැත්වීමට තීරණය කරයි

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 30, කොළඹ LNW : ඩකාර් රැලිය 2027:...