වෛද්‍ය වැඩවර්ජනය විසඳුමක් නොමැතිවම අවසන්

Date:

දිවයින පුරා ක්‍රියාත්මක කර තිබූ වැඩවර්ජනය අවසන් කිරීමට රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය තීරණය කර තිබෙනවා. එම සංගමයේ වෛද්‍යවරුන් පසුගිය 21 වැනිදා මෙම වැඩවර්ජනය ආරම්භ කළේය.

වෛද්‍යවරුන්ගේ පත්වීම්වලට සහ මාරු කිරීම්වලට දේශපාලන මැදිහත්වීම් සිදුවන බව පමසමින් රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය මෙම වර්ජනය ආරම්භ කළ අතර තවත් ඉල්ලීම් කිහිපයක් ඊට හේතු විය.

කෙසේ නමුත් ඔවුන්ගේ ඉල්ලීම් සඳහා මෙතෙක් සෞඛ්‍ය අමාත්‍යංශයෙන් කිසිදු ප්‍රතිචාරයක් හිමිව නොමැත. වෛද්‍ය සංගමය පවසන්නේ, ජනවාරි මස 03 වැනිදා දක්වා කල් ලබාදෙන බවයි. සෞඛ්‍ය අමාත්‍යංශය ගන්නා තීරණ පිළිබඳව අවධානය යොමුකර 03 වැනිදා යළි තීන්දුවක් ගන්නා බව එම සංගමය පවසනවා.

මෙම වර්ජනය හේතුවෙන් දිවයින පුරා රෝහල් රැසක ප්‍රතිකාර කටයුතු අඩාල වී තිබූ අතර සායන කරා පැමිණෙන රෝගීන්ද දැඩි අපහසුතාවයට පත්ව තිබිණි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැසි තත්වයේ වර්ධනයක් – අද (18) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (සැප්තැම්බර් 18) දිනයේදී බස්නාහිර, සබරගමුව,...

මේ අයිස් මත්ද්‍රව්‍ය සහ පාතාලය අවසන් කරන වැඩේ අපි කරනවා – මන්ත්‍රී මනුවර්ණ

සටහන - රුවන් නෙළුගොල්ල 2029 ජනාධිපති වීමට සිතාගෙන සිටින ඇතැම්...

වසන්ත සහෝදරයාට පරම්පරා කඩ තියෙනවා. ඒවායෙ වත්කම් මෙච්චරයි කීම වරදක් නෙවෙයිනෙ – ඇමති TB

සටහන - රුවන් නෙළුගොල්ල වෙළඳ, වාණිජ, සමූපකාර සංවර්ධන හා ආහාර...