ආර්ථික ඝාතකයන්ට එරෙහිව පෙත්සම් ගොනුකර වන්දි ගන්න වැඩපිළිවෙලක් හදනවා – සජිත් (VIDEO)

Date:

කෝප් කමිටුවේ සභාපතිවරයාගේ සභාපතීත්වය තුළ ශ්‍රී ලංකා ක්‍රිකට් පිළිබඳව පැහැදිලි අපක්ෂපාති පරීක්ෂණයක් සිදුකිරීමට හැකියාව ඇත්දැයි බරපතල ප්‍රශ්නයක් තිබෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (17) පාර්ලිමේන්තුවේදී පැවැසීය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ඇඳවැටී තිබෙන අගාධයෙන් ගොඩගන්න පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 225 ගේම සහභාගීත්වයෙන් ‘ශ්‍රී ලංකා ක්‍රිකට් වෙනුවෙන් මන්ත්‍රීවරු‘ නමින් සංසදයක් ඇති කර එම සංසදය හරහා ස්ථාවර නියෝගවලට අනුකූලව ක්‍රිකට් පිළිබඳව විමර්ශනයකට අවස්ථාව ලබාදෙන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කතානායකවරයාගෙන් ඉල්ලීමක් සිදුකළේය.

ක්‍රිකට් පිළිබඳව විමර්ශනයකට තේරීම් කාරක සභාවක් පත් කිරීමෙන් විසඳුමක් ලැබෙන්නේ නැති බවත් තේරීම් කාරක සභාවක් පත් කිරීමෙන් සිදුවන්නේ හොරාගේ අම්මාගෙන් පේන අහනවා වගේ වැඩක් බවත් සජිත් ප්‍රේමදාස මහතා කීය.

ගෝඨාභය රාජපක්ෂ, මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, අජිත් නිවාඩ් කබ්රාල්, පී. බී. ජයසුන්දර, ඩබ්ලිව් ඩී ලක්ෂමන් ඇතුළු පිරිස ආර්ථික බංකොලොත් භාවය නිර්මාණය කළ කණ්ඩායමක් ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය.

ආර්ථික වශයෙන් රට බංකොලොත් කළ මේ කණ්ඩායමට නිසි විසඳුමක් නොදෙන්නේ ඇයි දැයි රට තුළ කතාබහක් ඇති තිබෙන බවත් රට බංකොලොත් භාවයට හිතාමතා ලක්කළ මේ කණ්ඩායමට සිවිල් අයිතිවාසිකම් ලබාදීම නොසුදුසු බවද බොහෝ දෙනෙකුගේ යෝජනා තිබෙන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය.

ශ්‍රේෂ්ඨාධිකරණය තුළින් මූලික අයිතිවාසිකම් කඩ කරපු කණ්ඩායමේ ප්‍රජා අයිතිය අහෝසි කිරීමට හැකි වන්නේ විශේෂ ජනාධිපති විමර්ශන කොමිසන් සභාවක් හරහා බවත් එය සිදුකිරීමට හැකි වන්නේ ජනාධිපතිවරයාට බවත් ජනාධිපතිවරයාට එම ක්‍රියාමාර්ගය ගන්නා ලෙස රටේ සමස්ත ජනතාව වෙනුවෙන් යෝජනා කරන බවත් විසජිත් ප්‍රේමදාස මහතා කීය.

ව්‍යාපාර කඩන් වැටුණු , ජන ජිවිත කඩන් වැටුණු, ජීවිත නැතිවුණ සියලු දෙනාට මේ චූදිතයන්ට එරෙහිව මුලික අයිතිවාසිකම් පෙත්සම් ඉදිරිපත් කර වන්දි ලබාගැනීමේ ක්‍රමවේදයක් සමගි ජන බලවේගයෙන් ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ දෙවන තරගය හෙට ඉන්දියාව සමඟ

නිශ්මං රණසිංහ ජුනි 28, කොළඹ LNW: ආසියානු යොවුන් නෙට්බෝල් තරගාවලිය...

අශෝක ජයතුංග e කොළම.

🍎පිටකොටුවෙ හාල් මුදලාලි තවත් ටොන් 40,000ක් ගෙන්වයි...!  🍎මාළිමාව පච වලටම...

වයඹදිග පාකිස්ථානයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් 13 දෙනෙකු මරුට

සටහන: සශිකලා මධුෂාණිජුනි 28; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වයඹදිග පකිස්ථානයේ කයිබර්...

ගිලන් හදට සුවයක් වූ සුව අරණෙහි දෙවසරක මතකාවර්ජන….

රෂිකා හෙන්නායක ජූනි 28, කොළඹ LNW : ඕනෑම දැඩි...